නව දුෂණ විරෝධී පනතේ විධි විධාන අද (15) සිට බලාත්මක වීමට නියමිතව තිබේ.
දුෂණ විරෝධී පනත් කෙටුම්පත පසුගිය ජුලි මස 19දා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය පසුගිය 09 වනදා නිකුත් කර තිබුණි.
මෙම නව දුෂණ විරෝධී පනත මෙන්ම අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ පනතේ විධිවිධානද අද (15) සිට ක්‍රියාත්මක වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.