පුවත්

පනත් 3කට පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයක් හා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්

Published

on

“ප්‍රාදේශීය සභා (සංශෝධන)” “නගර සභා (සංශෝධන)” සහ “මහ නගර සභා (සංශෝධන)” පනත් කෙටුම්පත් තුනම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කර ජනමත විචාරණයක දී ජනතාව විසින් ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ප්‍රාදේශීය සභා (සංශෝධන)” “නගර සභා (සංශෝධන)” සහ “මහ නගර සභා (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත් තුන සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා අද (08) පාර්ලිමේන්තුව වෙත දැනුම් දුන්නේය.

ඒ අනුව, මෙම  පනත් කෙටුම්පත් තුනෙහි ම 2 වන වගන්තිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 12(1), 82, 83 සහ 104ආ යන ව්‍යවස්ථාවන්හි විධිවිධානයන්ට අනනුකූල වන බැවින් “ප්‍රාදේශීය සභා (සංශෝධන)” “නගර සභා (සංශෝධන)” සහ “මහ නගර සභා (සංශෝධන)” නමැති මෙම පනත් කෙටුම්පත් තුනම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, ජනමත විචාරණයක දී ජනතාව විසින් ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  තීරණය කර තිබේ.

Trending

Exit mobile version