Connect with us

පුවත්

පන්සල් වල බැලමෙහෙවරට දුන්න සෙබළු යළි කඳවුරුවලටම

Published

on

ප්‍රධාන පෙළේ විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවල ආරක්ෂාවට බව කියමින් එදිනෙදා වැඩ කටයුතු සඳහා යොදවා ඇති සියලුම හමුදා භට කණ්ඩායම් නැවත ලබාගැනීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

එම හමුදා භට පිරිස් වෙනුවට ප්‍රජා පොලිසියේ ස්ථානාධිපතිවරුන්ගෙන් සමන්විත ආරක්ෂක කමිටු පත් කිරීමට තීරණය කර ඇති බවද පැවසේ.

ප්‍රධාන පෙළේ විහාරස්ථාන ඇතුළු ආගමික සිද්ධස්ථානවලට අතුගෑමට, ආහාර පිසීමට මෙන්ම රියැදුරන් වශයෙන්ද යොදාගෙන ඇත්තේ හමුදා භට කණ්ඩායම් බව හෙළිව තිබේ.

ඇතැම් විහාරස්ථානවල විස්සකට වැඩි භට කණ්ඩායම් පවා සිටින බව අනාවරණය වී ඇත. වැඩිපුරම යොදවා ඇත්තේ යුද හා නාවික භට පිරිස්ය. හමුදා අනුග්‍රහය වැඩිපුර ලැබෙන, වැඩිපුර භට පිරිස් සිටින විහාරස්ථාන එය තමන් ඉහළ තත්ත්වයක සිටින බව පෙන්වීමට යොදාගෙන ඇති බවද හෙළිවී තිබේ.

දැනට යොදවා සිටින භට පිරිස් ගැන වාර්තා කැඳවා එම භට පිරිස් යළි කඳවුරු වෙත කැඳවීමට දැනට තීරණය කර ඇත.

මූලාශ්‍රය – අරුණ

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved