පයාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් 10 දෙනෙකු පමණ ආහාර විෂ වීමකින් රෝගාතුර වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
රෝගාතුර වූ පිරිස් අතර පාලන අංශයේ සහ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිවරුන් දෙදෙනක්, පොලිස් කාන්තාවන් මෙන්ම කොස්තාපල්වරුන් ද සිටින බව පැවැසේ.
මේ වන විට නාගොඩ රෝහලේ තුළ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා,පොලිස් කාන්තාවක සහ කොස්තාපල්වරයෙකු පමණක් ප්‍රතිකාර ලබන අතර සෙසු පිරිස් ප්‍රතිකාර ලබා ඊයේ (06) රාත්‍රියේ පිට වී ගොස් ඇත.