ලබන මාසයේ සිට ගොවීන් සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර තිබේ.
එම මණ්ඩලයේ සභාපති මද්දුමබණ්ඩාර වීරසේකර මහතා සඳහන් කළේ දැනට පවතින ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමවේදය 2008 වර්ෂයෙන් පසු සක්‍රීයව ක්‍රියාත්මක වී නොමැති බවය.
ඒ අනුව, ලබන මාසයේ සිට නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයට අනුව ලියාපදිංචි වීම සිදුකිරීමට බලාපොරොත්තු වන බවද මද්දුමබණ්ඩාර වීරසේකර මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති මද්දුමබණ්ඩාර වීරසේකර මහතා පවසා සිටියේ ,
“අවුරුදු 18 සිට අවුරුදු 59 දක්වා වූ ගොවියන්ට ධීවරයින්ට නේම වැවිලි කර්මාන්ත ආදී ඕනෑම කෘෂිකාර්මික කටයුත්තක යෙදී සිටින අයවළුන්ට මේ සඳහා ලියාපංදිචි විය හැකි බවයි.