පුවත්

පරිගණක අපරාධවලට විදේශිකයන් අතුළු 27ක් අත්අඩංගුවට!

Published

on

මේ වසරේ පළමු මාස දෙක තුළ පමණක් පරිගණක අපරාධ පැමිණිලි 677ක් ලැබී ඇතැයි වාර්තා වේ.

එසේම එවැනි සිද්ධීන් සම්බන්ධයෙන්  විදේශිකයන් ද ඇතුළුව 27 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරයි.

වසර 2022 දී අන්තර්ජාල අපරාධ පැමිණිලි 3,400ක් ලැබී ඇති අතර විදේශිකයන් 25 දෙනෙක් ඇතුළු පුද්ගලයන් 263ක් පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ. 

ඉන් 14ක් නයිජීරියානු ජාතිකයන්ය.

මේ අතර, ක්ෂණික ණය මුදල් ලබාදෙන මුවාවෙන් බැංකු ගිණුම් තොරතුරු සහ ජාතික හැඳුනුම්පතේ තොරතුරු ලබාගෙන ගිණුම්වල ඇති මුදල් වංචා කිරීමේ සිද්ධීන් ද වාර්තා වී තිබේ.

Trending

Exit mobile version