Connect with us

පුවත්

පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන් වර්ජනය අත්හිටුවයි

Published

on

ඉල්ලීම් කිහිපයක් මුල්කරගමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අද (22) දිනයේ ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබූ දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය මේ බව පැවසීය.

ස්‍යෙඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන සෞඛ්‍ය ලේකම්වරිය සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව අද (22) දවසේ සාමාන්‍ය පරිදි සේවා කටයුතු සිදුවන බව එම බලමණ්ඩලය පැවසීය.

තම ගැටලු සම්බන්ධයෙන් පසුගිය මාස දෙකක පමණ සිට සාකච්ඡාවක් අපේක්ෂාවෙන් සිටියද, සෞඛ්‍ය අමාත්‍යාංශය ඊට අවස්ථාවක් ලබා නොදුන් බව පවසමින් මෙම වර්ජනය ආරම්භ කර තිබුණි.

සබැඳි පුවත්

පුවත්

සරසවිවලට නව නේවාසිකාගාර

Published

on

By

විශ්ව විද්‍යාලවල නේවාසිකාගාර ප්‍රමාණය ඉහළ දැමීමට පියවර ගන්නා බව අගමැතිනී අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.

ඇය මේ බව සඳහන් කළේ, අද (22) පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුරය.

විශ්වවිද්‍යාල සිසුන් සඳහා ශිෂ්‍යාධාර ලබාදීමට නිශ්චිත දිනයක් හඳුන්වා දෙන බවද ඇය එහිදී සඳහන් කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරිය කියා සිටියේ,

“ආ (1), කොළඹ විශ්ව විද්‍යාලයේ සියලුම පීඨවල මේ වන විට ඉගෙනුම ලබන අභ්‍යන්තර උපාධි අපේක්ෂක සිසුන් සංඛ්‍යාව 14207කි. කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ ශ්‍රීපාලි මණ්ඩපය සිසුන් 648ක් වේ. කොළඹ විශ්ව විද්‍යාල පරිගණක අධ්‍යාපන ආයතනයේ සිසුන් 1902ක් වේ.

ආ (2), ඒ අතරින් ඒවාසිකාගාර පහසුකම් ලබා දී ඇති සිසුන් සංඛ්‍යාව කොළඹ විශ්ව විද්‍යාල 4366 කි.ශ්‍රී පාලි මණ්ඩපය තුන්සිය හතලිස් එකකි. කොළඹ විශ්ව විද්‍යාල පරිගණක අධ්‍යායතනය 71කි.

ආ (3), නේවාසිකාගාර පහසුකම් ලබන සිසුන්ගේ ප්‍රතිශතය පහත පරිදි වේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ ලියාපදිංචි සිසුන්ගෙන් 30.73%ක්.ශ්‍රී පාලි මණ්ඩපයේ ලියාපදිංචි සිසුන්ගෙන් 40.12%ක්. කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යායතනයේ ලියාපදිංචි සිසුන්ගෙන් 6.5%ක් සඳහා නේවාසිකාගාර පහසුකම් ලැබේ.

ආ (4) – කාන්තා නේවාසිකාගාර – හැව්ලොක් නේවාසිකාගාර, සුජාතා ජයවර්ධන නේවාසිකාගාරය, සිවා චිත්ත සන්තන්ති නේවාසිකාගාරය, ද සේරම් වෛද්‍ය 215 නේවාසිකාගාරය, ද සේරම් 220 නේවාසිකාගාරය, තලවල නේවාසිකාගාරය, හෙද පීඨ නේවාසිකාගාරය, තාක්ෂණ පීඨය නේවාසිකාගාරය, දේශීය වෙද්‍ය පීඨ 330 නේවාසිකාගාරය, දේශීය වෛද්‍ය පීඨ මොරගස්මුල්ල නේවාසිකාගාරය, කාලිංග මාතා මාවතේ නේවාසිකාගාරය…”

Continue Reading

පුවත්

මැයි “අස්වැසුම” අද බැංකු ගිණුම්වලට

Published

on

By

මෙම මාසයට අදාල අස්වැසුම දීමනා අද (22)  බැංකු ගිණුම්වලට බැර කරන බව සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

අස්වැසුම ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ බැංකුව මගින් අදාල මුදල ලබාගත හැකිය.

ඒ අනුව අද දිනයේ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ පවුල් ලක්ෂ 14ක් වෙනුවෙන් මෙම මුදල් බැර කරනු ඇත.

ඒ සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 11 කට අධික බව සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

Continue Reading

පුවත්

හෙට ආරම්භ වෙන “විදුලි ගාස්තු සංශෝධනය ගැන අදහස් විමසීම”

Published

on

By

ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇති මෙම වසරේ දෙවැනි විදුලි ගාස්තු පිළිබඳව මහජන අදහස් විමසීම හෙට (23) ආරම්භ වේ.

හෙටින් ආරම්භ වන මෙම අදහස් විමසීම ජුනි මස 3 වැනිදා දක්වා පළාත් ආවරණය වන පරිදි පවත්වන බව මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ, ආයතනික සන්නිවේදන ජයනාත් හේරත් මහතා පවසයි.

පළාත් 09 ආවරණය වන පරිදි වාචික අදහස් විමසීමේ රැස්වීම් 9 ක් සංවිධානය කරන බවත්,
රත්නපුර, බදුල්ල, යාපනය, මාතර, අම්පාර, අනුරාධපුර, කුරුණෑගල, මහනුවර සහ කොළඹ යන නගරවල මෙම වාචික අදහස් විමසීමේ රැස්වීම් පැවැත්වෙන බවද ඒ මහතා විසින් වැඩිදුරටත් පවසන ලදී.

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ ලිඛිත අදහස් ලබන ජූනි මස 5 වැනිදා දක්වා භාරගැනීමට නියමිතය.

 ‘2025 දෙවන වර්ෂයේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම’ සභාපති, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, 6 වැනි මහල, ලංකාව බැංකු වෙළඳ කුළුණ, 28, ශාන්ත මයිකල් පාර, කොළඹ 3 යන ලිපිනයට එම අදහස් යොමු කළ හැකිය.

ඊට අමතරව,
ෆැක්ස් අංකය – 0112392641
වට්ස්ඇප් අංකය –  0764271030
ඊමේල් ලිපිනය – [email protected]

යන මාර්ග ඔස්සේ තොරතුරු යොමු කළ හැකි බව ද මහජන උපයෝගීතා කොමිසම් සභාව සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved