පුවත්

පල්ලෙකැලේ බන්ධනාගාරයේ අසූචි වික්ටෝරියා ජලාශයේ

Published

on

පල්ලෙකැලේ බන්ධනාගාර සංකීර්ණයේ මලාපවහන පද්ධතිය විධිමත් ආකාරයෙන් නඩත්තු නොකිරීම හේතුවෙන් මල අපද්‍රව්‍ය පානීය ජල මූලාශ්‍රයක් වන වික්ටෝරියා ජලාශයට කාන්දුවන බව අනාවරණය වී තිබේ. 

පල්ලෙකැලේ බන්ධනාගාර සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ක්‍රියාත්මක කරුනු ලබයි. 

ඉකුත් 2007 – 2011 වසර තුළදී මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නිම කිරීමට නියමිත තිබී ඇත.

කෙසේවුවද, නියමිත කාලය තුළදී ව්‍යාපෘතිය අවසන් නොවීම හේතුවෙන් අමතර කාලයක් ද ලබාගෙන තවදුරටත් එහි ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන බව පැවසේ.

මෙම ව්‍යාපෘතිය යටතේ බන්ධනාගාර සංකීර්ණයේ මලාපවහන පද්ධතිය 2019 වසර තෙක් ගැටලුවකින් තොරව ක්‍රියාත්මකවී තිබේ.

පසුව නිසි පරිදි නඩත්තු කටයුතු සිදු නොකිරීම හේතුවෙන් සහ බන්ධනාගාර රැඳවූවන්ට අවශ්‍ය ප්‍රමාණයට එහි ධාරිතාවය නොපැවතීම නිසා මලාපවහන පද්ධතියෙන් මලාපවහන වික්ටෝරියා ජලාශයට කාන්දු වන බව අනාවරණය වී ඇත. 

මෙලෙස ජලාශයට මලාපවහන කාන්දුවීම වැළැක්වීම සඳහා මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැති බවට ද චෝදනා එල්ලව තිබේ.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version