Connect with us

පුවත්

පවුල් දේශපාලන සබඳතා මත පිටරට එම්බසිවල සිටි 16ක් ලංකාවට ගෙන්වයි

Published

on

වහාම ක්‍රියාත්මක වන පරිදි පවුල් හා දේශපාලන සබඳතා මත පදනම්ව ඉකුත් රාජ්‍ය පාලන සමයන්හි පත් කළ රාජ්‍ය තාන්ත්‍රික කාර්යය මණ්ඩල සාමාජිකයන් 16 ක් නැවත කැඳවීමට රජය තීරණය කර තිබේ.

මෙම නිලධාරීන්ට දැනටමත් දැනුම් දී ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

නැවත කැඳවන ලද අය අතර ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්හි කොන්සල් ජෙනරාල් ආචාර්ය ලලිත් චන්ද්රදාස මහතා ද වේ.

ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සිනාය.

චීනයේ ෂැංහයි හි කොන්සල් ජෙනරාල් අනුර ප්‍රනාන්දු මහතා සහ ඉන්දියාවේ චෙන්නායි හි නියෝජ්‍ය මහකොමසාරිස්වරයා වශයෙන් කටයුතු කළ ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන් මහතා ද මෙලෙස මෙරටට කැඳවීමට නියමිත අය අතර වෙති.

එමෙන්ම සවුදි අරාබියාවේ ජෙඩා හි කොන්සල් ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ එස්.එම්.ඒ.එෆ්. මවුලානා ද යළි කැඳවන ලැයිස්තුවේ වෙයි.

ඊට අමතරව අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කළ නිශාන් මනික් මුතුක්‍රිෂ්ණ මහතා සහ තෙවැනි ලේකම්වරයා වශයෙන් කටයුතු කළ තාරක දිසානායක මහතා ද කැඳවීමට පියවර ගෙන තිබෙන අතර එක්සත් රාජධානියේ ලන්ඩන් හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සෙනිය පුංචිනිලමේ මහතා ද යළි මෙරටට පැමිණෙන ලෙස දන්වා ඇත.

ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා ලෙස කටයුතු කළ සහස්‍ර බණ්ඩාර මහතා ද ඉතාලියේ රෝම නුවර පිහිටි තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරිය ලෙස සේවය කළ මෙල්කි චන්දිමා පෙරේරා මහත්මිය ද ඔස්ට්‍රේලියාවේ කැන්බරා හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරිය වශයෙන් සේවය කළ දීනුකා කාර්මලීන් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද යළි කැඳවීමට පියවර ගෙන තිබේ.

මේ අතර රුසියාවේ මොස්කව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක ලෙස සේවය කළ පණ්ඩුල ද සොයිසා මහතා, ඉන්දියාවේ නවදිල්ලි හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඇමැති උපදේශක ලෙස සේවය කළ ආචාර්ය අන්වර් මොහොමඩ් හම්දානි මහතා, ලෙබනනයේ බීරූට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ලෙස සේවය කළ ප්‍රියංගිකා දිසානායක මහත්මිය සහ තුර්කියේ අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම්වරිය ලෙස සේවය කළ යෂ්මින් හිල්මි මොහොමඩ් මහත්මිය ද යළි කැඳවා ඇත.

ඊට අමතරව නෙදර්ලන්තයේ හේග්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක ලෙස කටයුතු කළ අෂ්විනි හපන්ගම මහත්මිය සහ ජර්මනියේ ස්ටොක්හෝම් හි ඇමැති උපදේශකවරයා වශයෙන් සේවය කළ ජනක රණතුංග මහතා ද යළි කැඳවීමට රජය තීරණය කර තිබේ.

මෙසේ ඥාති සහ දේශපාලන හිතවත්කම් මත තානාපති සේවාවන් හි නිරත තවත් පිරිසක් ඉදිරියේදී කැඳවීමට ද රජය සැලසුම් කර තිබේ.

මූලාශ්‍රය – දිනමිණ

පුවත්

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි 05දෙනෙකුට ස්ථාන මාරු

Published

on

By

රාජ්‍ය නිවේදිත නිලධාරීන් 5 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙය සිදුකර ඇති බවය.

අදාළ පත්කිරීම් හා ස්ථානමාරු කිරීම් මෙසේය

Continue Reading

පුවත්

ධීවර යාත්‍රා අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්

Published

on

By

දිගින් දිගටම සිදුවන ධීවර යාත්‍රා අනතුරට ලක්වීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අදාළ අනතුරුවලට හේතුවූ කරුණු හා ඒ සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳව අවධානය යොමුකිරීමේ අරමුණින් මෙම කමිටුව පත්කර ඇති බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ලෝක බල අරගලය මෙරට බල පෙරළියකට තුඩුදිය හැකියි – රනිල්

Published

on

By

ලෝකය බල අරගලයක් වෙත ගමන් කරන අවදානම් තත්ත්වය යටතේ ඉතා දුර්වල ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාවට ඉදිරියේදී දැඩි ආර්ථික බලපෑමක් එල්ල විය හැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

එය මෙරටේ බල හුවමාරුවකට පවා තුඩු දිය හැකි බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත විසින් රචිත “විකල්ප මඟ” කෘතිය කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේදී පසුගියදා හිටපු ජනාධිපතිවරයාට පිරිනැමීම සඳහා පැවැති සුහද හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. 

“ඊශ්‍රාලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය හෙලා දකිමින් මම ඉරානය පැත්තේ හිටගන්නවා. මෙම ප්‍රහාරය දියත් කළේ ඉරානය පරමාණුක බලශක්තිය සම්බන්ධයෙන් ඇමරිකාව සමග සාකච්ඡා කරමින් සිටින විටයි. ලෝකයේ න්‍යෂ්ටික හා ආර්ථික බලයේ ආධිපත්‍ය ඇමරිකාව ඇතුළු බටහිර කඳවුරෙන් ගිලිහී යමින් පවතිනවා. ආසියානු රටවල් අතරට එය පත්වෙමින් තිබෙනවා. රුසියාව, චීනය බලවේගයක් ලෙස මේ වන විට නැගී සිටිනවා. එම බලවේගය ඇමරිකාව ඇතුළු බටහිර රටවලට කරදරයක්. චීන මුදල් ඒකකය අන්තර් ජාතික ගනුදෙනු නිරවුල් කිරීමේ මුදල් ඒකකයක් ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. එය BRICS ඇතුළු රටවල් දැනටමත් භාවිත කිරීමට පටන් ගෙන තිබෙනවා. එය අපේ රටටද ඉදිරියේදී අන්තර්ජාතික ගනුදෙනු නිරවුල් කිරීමේදී භාවිත කළ හැකි මුදල් ඒකකයක්. මේ අවස්ථාවේ ඉන්දියාව අමතක කරන්නත් හොඳ නැහැ. ඇමරිකා ඩොලර් ට්‍රිලියන හතරක විදේශ සංචිතයක් ඇති ඉන්දියාව සමග අපි ගමන් කළ යුතුයි.”

මෙහිදී හිටපු ජනාධිපතිවරයා වත්මන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ගැන කියමින් ඔහු විපක්ෂයේ හදවත බදු බවත් ඔහු ආරක්ෂා කිරීමේ වගකීම අපි සැමට ඇති බවත් කීවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved