Connect with us

පුවත්

පවුල් ලක්ෂ 7ක් මේවන විට කන්නෙත් ණයට; ලක්ෂ 5ක් රනිල්ගේ කාලේ ණයට අරගෙන

Published

on

රටේ ණයගැති භාවයෙන් පෙළෙන පවුල් තිස්එක් ලක්ෂ විසි නව දහස් තුන්සීයයෙන් පවුල් හය ලක්ෂ අනූහත් දහස් අටසීයක් ණය වී සිටින්නේ දිනපතා ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අලුත්ම සමීක්ෂණ වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා කියා සිටී.

ආහාර සඳහා ණය ගෙන ඇති පවුල් සංඛ්‍යාව මුළු ණය ගැති පවුල්වලින් සියයට 22.3ක ප්‍රතිශතයක් බවද ඔහු පෙන්වා දෙයි.

දෛනික ආහාර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ණයවී සිටින 69,7800 ක පවුල්වලට පුද්ගලයන් දෙලක්ෂ පනස් අටදහස් දෙසීයක් ඇතුළත් වන බවද මහාචාර්යවරයා පැවසීය.

මේ අතර තවත් පවුල් තුන් ලක්ෂ හැත්තෑ දහස් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් ණය ආපසු ගෙවීම සඳහා ණය ලබාගෙන ඇතැයි පැවසූ වසන්ත අතු කෝරළ මහතා ආර්ථික ක්‍රියාකාරකම් සඳහා පවුල් 491000 ක් ණය ලබාගෙන ඇතැයිද කියා සිටී.

මීට අමතරව ගොඩනැගිලි ඉදිකිරීම සහ අලුත් වැඩියා කිරීම සඳහා පවුල් 53200 ක් ණය ලබාගෙන ඇතැයිද ඔහු හෙළිකර ඇත.

ආර්ථික අර්බුදය ආරම්භ වීමෙන් පසු ( 2022 න් පසු) පවුල් 688000 ක් ණයගැති භාවයට පත්ව ඇතැයි පැවසූ වසන්ත අතුකෝරළ මහතා වැඩිම පිරිසක් ණය ගෙන ඇත්තේ උකස් ක්‍රියාවලියෙන් බවද ප්‍රකාශ කළේය.

වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා 9වැනි විධායක ජනපති ලෙස පත්වූයේ 2021 ජුනි 21 වැනිදා වන අතර වැඩි ප්‍රමාණයක් ණය ගැති භාවයට පත්ව ඇත්තේ එම කාලයේදීය.

උකස් ක්‍රියාවලියෙන් ණය ලබාගෙන ඇති පවුල් සංඛ්‍යාව 970000 ක් බවද ඔහු කීය.

මෙයට අමතරව බැංකුවලින් පවුල් 97000ක්ද මූල්‍ය ආයතනවලින් පවුල් 272250ක්ද මුදල් තැ‍රැව්කරුවන්ගෙන් පවුල් 303500ක්ද ණය ලබාගෙන ඇති බව හෙතෙම සඳහන් කළේය.

තත්ත්වය එසේ තිබියදීත් පසුගියදා හෙළිවූයේ විශාල වශයෙන් උකස් ගන්නා ආයතන පවත්වාගෙන යනු ලබන මහරගම දැඩිගම ගෲප් ද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් හිතා මතාම රැමිස් පද්ධතියට (RAMIS)  ඇතුළත් කර නොතිබූ බවයි.

මූලාශ්‍රය – ලංකාදීප

පුවත්

කුලියාපිටිය නවකවධ සිද්ධියට ඇල්ලූ 4ම රිමාන්ඩ්

Published

on

By

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය හේතුවෙන් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනා සහ සිසුවිය ලබන 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම නියෝගය ලබාදී ඇත්තේ ඔවුන්ව අද (04) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාල සිසුවිය පසුගිය 02දා විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබුණු අතර, අසල සිටි පිරිසක් විසින් ඇයව බේරාගෙන කඩිනමින් කුලියාපිටිය රෝහල වෙත ඇතුලත් කර තිබුණි.

පසුව රෝහල් පොලීසිය විසින් අදාළ ශිෂ්‍යාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු විසින් තමන්ට නවකවධය ලබාදීම හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සහ ගත් බවයි.

Continue Reading

පුවත්

මුඛ ආවරණ පැළඳීමේ උපදෙස් ලිපිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

කාර්යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් ජුනි 02දා බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් යුතුව ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදුකොට ඇත.

එහි දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත ලිපියක් යොමු කරමින් අදාල ලිපියේ නිකුත් කර ඇති උපදෙස් යළි සලකා බලා කටයුතු කරන මෙන් ඉල්ලා ඇති බවයි.

කාර්යාල තුළ මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවයක් පැන නොනගින බවද ජාසිංහ මහතා පවසා තිබේ.

මේ වන විට එම උපදෙස් මාලාව ඉවත් කර ඇතැයි වාර්තා වේ. 

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැහැදිලි කිරීම මෙසේය :

Continue Reading

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved