පුවත්

පවුල් 66,000කට ආහාර සහන දීම ආරම්භ කෙරේ

Published

on

මෙරට පවුල් 66,000කට ආහාර සහන දීම ආරම්භ කර තිබේ.

ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ ජාතික වැඩසටහනේ ප්‍රධානී ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතා පැවසුවේ, මාස 6ක කාලයක් දක්වා මාසයකට රුපියල් 15,000 බැගින් එම සහනාධාර ලබා දෙන බවයි.

මේ අතර දැනට සිදුකරන ලද සමීක්ෂණ අනුව , මෙරට ළමා මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් 21,000ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (29) පාර්ලිමේන්තුවට පැවසුවේ ය.

අමාත්‍යවරයා එහිදී තවදුරටත් සඳහන් කළේ, මෙම අගය 40,000ක් දක්වා වර්ධනය වෙතැයි අපේක්ෂා කරන බවයි.

Trending

Exit mobile version