Connect with us

පුවත්

පවුල පිටින් බස්වලට නැග ෆෝන්-පොකට් ගහන පවුලක් අල්ලයි!

Published

on

බිරිඳ හා කුඩා දරු තිදෙනා සමග බස් රථවලට නැග වටිනා ජංගම දුරකථන සහ මුදල් පසුම්බි සොරාගත් පුද්ගලයෙකු හොරෙයින් මත් කුඩු මිලිග්‍රෑම් 5200ක් සමග අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.

එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේ දී එලෙස සොරා ගෙන තිබූ රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා ජංගම දුරකථන විස්සකට ආසන්න ප්‍රමාණයක් පොලිසිය සොයාගෙන ඇත.

බස්රථවලදී ජංගම දුරකථන නැතිවීම සම්බන්ධයෙන් තරුණ තරුණියන්ගෙන් සහ පාසල් සිසු දරු දැරියන් ගෙන් පසුගිය මාස හයක පමණ කාලය පුරා නිරන්තරයෙන් ලද පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කර ගෙන සිටි පිළියන්දල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේශ් හෙට්ටිආරච්චි සීසීටීවී දර්ශන අනුව සැකකටයුතු පුද්ගලයකු පිළියන්දල මිරිස්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහුගේ බිරිඳ සහ දරු තිදෙනා ඔහු සමග සිට ඇති අතර එම අවස්ථාවේදී කුඩා දරු තිදෙනා පියාව රැගෙන නොයන ලෙස හඬා වැටෙන්නට වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය

වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි සැකකරු බිරිඳ හා දරුවන් සමග පිළියන්දල ප්‍රදේශයට පැමිණිම සම්බන්ධයෙන් පැහැදිලි තොරතුරක් අනාවරණය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් දීර්ඝ ලෙස සිදු කළ ප්‍රශ්න කිරීමේදී ඔහු බිරිඳ සහ කුඩා දරු තිදෙනා සමග ඉකුත් මාස හයක පමණ කාලය පුරා මාර්ග අංක 120 හොරණ, කැස්බෑව – පිටකොටුව, මාර්ග අංක 138 හෝමාගම පිටකොටුව, මාර්ග අංක 296 පිළියන්දල – මහරගම මාර්ගයන්හි ගමන් ගන්නා බස් රථවලට නැග ඉතා සූක්ෂම ලෙස පාසල් දරුවන්ගේ සහ කාන්තාවන්ගේ ජංගම දුරකථන සොරා ගෙන තිබූ බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරු එලෙස සොරා ගෙන තිබූ වටිනා ජංගම දුරකථන ගල්කිස්ස බඩෝවිට සහ පිටකොටුව ආදී ප්‍රදේශවලට ඉතා අඩු මුදලට විකුණා තිබියදී සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

සැකකරු කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

පුවත්

සිසුවියගේ සියදිවි නසා ගැනීමට සැක ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි

Published

on

By

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය අද (9) පස්වරුවේ පවසා සිටියේ මෙම සිදුවීමට අදාළ පොලිස් බී වාර්තාව මේ වනවිට තම අමාශ්‍යාංශයට ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් සිද්ධියට අදාළ ගුරුවරයා, ආයතන සංග්‍රහයේ II කාණ්ඩයේ XLVIII වැනි පරිච්ඡේදයේ 27:9 වගන්තිය ප්‍රකාරව අනිවාර්ය නිවාඩු ගැන්වීමට කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිද්ධියට අදාළ මූලික විමර්ශනය මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර, එහි වාර්තාව ලද වහාම විධිමත් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවද එම අමාත්‍යාංශය පවසයි.

තවද මෙම සමස්ත සිදුවීමේදී යම් පාර්ශ්වයන් තම රාජකාරි වගකීම් පැහැරහැර ඇත්ද යන්න සොයා බැලීමට එම අමාත්‍යාංශය විසින් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Continue Reading

පුවත්

වෙසක් සතියට දින තුනක් වැසෙන තැන්

Published

on

By

වෙසක් සතිය නිමිත්තෙන් දිවයින පුරා ඇති මස් මාංශ අලෙවි සැල්, රේස්බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබීම ගැන රජයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

මැයි මස 10 සිට මැයි මස 16 වන දින දක්වා වෙසක් සතිය ලෙස නම් කර ඇත.

ඒ අනුව මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවි සැල් සහ සුරා සැල් වසා තැබෙනු ඇත.

මීට අමතරව සුපිරි වෙළෙඳසැල්වල මස් මාංශ අලෙවි කිරීම තහනම් වන අතර, රේස් බුකී, කැසිනෝ ශාලා සහ සමාජ ශාලා වසා තැබීමට කටයුතු කරන ලෙස රජය දැනුම්දී තිබේ. 

Continue Reading

පුවත්

හෙටින් ඇරඹෙන ජාතික වෙසක් සතිය

Published

on

By

ජාතික වෙසක් සතිය මැයි 10 වැනිදා සිට 16 වැනිදා දක්වා කාලය තුල ප්‍රකාශයට පත්කර ඇත.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සහ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී වෙසක් සතිය මැයි 10 දින සිට 16 දින දක්වා පැවැත්වීමට නියමිතය.

මෙම වසරේ රාජ්‍ය වෙසක් මහෝත්සවය “කළණ ගුණ ඇති උතුම් මිනිසුන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වේ.

මෙම වෙසක් සතිය තුළ සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල, නිවාසවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමත් එම ගොඩනැගිලි පරිසර හිතකාමී වෙසක් සැරසිලිවලින් අලංකාර කිරීමත් කළ යුතු බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සදහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved