2024 වසර ආරම්භයේ සිට මේ දක්වා මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,540,161ක් ලෙස ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
මේ වසරේ ඔක්තෝබර් මාසයේ පළමු දින 13 තුළ දී විදෙස් සංචාරකයින් 55,353ක් මෙරටට පැමිණ ඇති බව එම වාර්තාවේ සඳහන්ය.
ඒ අතරින් සංචාරකයින් 29.2%ක ප්‍රතිශතයක් එනම් 16,163ක්ම පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් බව එහි වැඩිදුරටත් දැක්වෙනවා. මීට අමතරව චීනයෙන් සංචාරකයින් 3,963ක්, එක්සත් රාජධාන්යෙන් 3,926ක් සහ ජර්මනියෙන් 3,469ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ තිබේ.