පුවත්

පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Published

on

බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් දියණිය සමග විවාහ වීමට සිටි පුද්ගලයා විසින් උදැල්ලකින් පහරදී දියණියගේ පියා ඝාතනය කර තිබේ.

ඊයේ (30) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වී තිබුණේ වේයන්ගොඩ, ගැමුණු මාවත, පත්තලගෙදර ප්‍රදේශයේ නිවසකින් බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, පත්තලගෙදර, වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු ද ගැටුමෙන් තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත්ව පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.

මෘත ශරීරය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සඳහා සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ ඇති අතර වේයන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Trending

Exit mobile version