පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මගින් සලසා ඇති බලතල ප්‍රමාණවත් බවත්, ඒ සඳහා මධ්‍යම රජයේ මැදිහත්වීම් සිදු නොකරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබේ.
යාපනය දිස්ත්‍රික් වෘත්තීයවේදීන් සමඟ පැවති හමුවේදී ජනාධිපතිවරයා මෙසේ පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
පළාත් මට්ටමින් ස්වාධීන ආර්ථිකයන් නිර්මාණය කර ගැනීම පිළිබඳ ජපානය, කොරියාව, එක්සත් රාජධානිය සහ ප්‍රංශය වැනි රටවලින් ඉගෙන ගන්නා ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා, දැනට මූල්‍ය ස්වාධීනත්වයක් ඇත්තේ බස්නාහිර පළාතට පමණක් බවත්, 13 වන සංශෝධනය මගින් ලබා දී ඇති බලතල තම පළාතේ සංවර්ධනය සඳහා සක්‍රීයව භාවිතා කරන ලෙස සෑම පළාතකින්ම ඉල්ලා සිටින බවත් මෙහිදී ප්‍රකාශ කර ඇත.