පුවත්

පළාත් පාලන ඡන්දයට දාන පොහොට්ටු ලිස්ට්එකට නාමයෝජනා කැඳවයි!

Published

on

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තු වන අපේක්‍ෂකයන්ගෙන් අයදුම්පත් කැඳවන බව එම පක්‍ෂය පවසයි.

වර්තමානයේ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු ලෙස කටයුතු කරන නියෝජිතයන්ට අමතරව නවක අපේක්‍ෂක තරුණ තරුණියන්, සමාජ නායකයින්, වෘත්තීයවේදීන් සහ ව්‍යවසායකයින්ට ප්‍රමුඛතාව දීමට බලාපොරොත්තු වන බවත් වර්තමාන දේශපාලන තත්වයට අනුරූපීව නවීණ දේශපාලන සංස්කෘතියට ගැලපෙන පරිදි අපේක්‍ෂකයන්ගේ සුදුසුකම් පරීක්‍ෂා කරන බවත් පොදුජන පෙරමුණ පවසයි.

දැනට පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රීවරු අතර නීතියට සහ සමාජ සම්මතයන්ට පටහැනිව කටයුතු කර ඇති අයෙක් සිටී නම් නීත්‍යානුකූල පදනමක් මත ඔහුගේ අපේක්‍ෂකත්ව ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ද තීරණය කර ඇති බව ද එම පක්‍ෂය වැඩි දුරටත් සඳහන් කරයි.  

මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතාගේ අත්සනින් යුත් නිවේදනයක් නිකුත් කරමින් අද (08) කියා සිටියේ පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම සඳහා නාමයෝජනා කැඳවීමේ දැන්වීම් මේ වසරේ දෙසැම්බර් මාසයේ අවසන් සතියේදී සිදුකරන බවයි.

Trending

Exit mobile version