කෑගල්ල බන්ධනාගාරයෙන් පළායෑමට උත්සහ කළ රැඳවියෙකු, බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමකින් මියගොස් ඇත.
පොලිසිය සඳහන් කරන අන්දමට මෙම රැඳවියා බන්ධනාගාරයේ කටයුතු සඳහා අලුයම යොදවා සිටි අවස්ථාවේ දී එම ස්ථානයෙන් පළායාමට උත්සහ කර තිබේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ රැඳවියා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, ඔහු බන්ධනාගාර කර තිබෙන්නේ කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩත්තු නඩුවකට අදාලවය.