පළිබෝධනාශක කර්මාන්තයේ ගෝලීය වශයෙන් පවතින නියාමන ප්‍රමුඛතා සහ වර්ධනය වෙමින් පවතින නීති විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධ විමර්ශනයන්ට සහාය වන ප්‍රවේශයන්ට අනුකූල වන පරිදි 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, නීති විරෝධී පළිබෝධනාශක පරිසර හිතකාමී අයුරින් විනාශ කිරීම සඳහා වැය වන රාජ්‍ය මුදල් වැරදිකරුවන්ගෙන් අය කර ගැනීම, වැරදිකරුවන් වන අයවලුන් විසින් නැවත නැවත සිදු කරනු ලබන නීති විරෝධී ක්‍රියා මැඩලීම සම්බන්ධ කටයුතු සහ දණ්ඩනයන් ශක්තිමත් කිරීම ඇතුළුව අදාළ වන අනෙකුත් විධිවිධාන සහිතව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස කෘෂිකර්ම අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.