පුවත්

ප්‍රංශවත්තේ අලුත්වැඩියාවක්, කැලණියට වතුර කැපෙයි!

Published

on

කැලණිය ආශ්‍රිත ප්‍රදේශ රැසකට අද (21) පෙරවරු 10.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ, කැලණිය ප්‍රංශවත්ත පාර හා සරසවි මාවතේ හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙනි.

ඒ අනුව අදාළ කාලසීමාව තුළ වත්තල, හැඳල, අල්විස් ටවුම, වැලිකඩමුල්ල, කෙරවලපිටිය, මාබෝල, නායකකන්ද, ගලගහදූව මරදාන පාර, හුණුපිටිය, වෙඩිකන්ද, වේවැල්දූව, ප්‍රංශවත්ත, කිරිබත්ගොඩ නවපාර, පාදිලියාතුඩුව, දළුපිටිය පාර සිට අක්බාර් ටවුමේ පාලම දක්වා වූ ප්‍රදේශවල ජල සැපයුම අත්හිටවනු ඇති.

Trending

Exit mobile version