පුවත්

ප්‍රතිජීවක එන්නතක් අසාත්මික වී ගම්පහ රෝහලේ රෝගියෙක් මිය යයි

Published

on

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍ය වාට්ටුවේ අංක 07 හි රෝගියෙකු සෙෆ්ටාසිඩීම් (inj.ceftazidime) එන්නත අසාත්මික වීම නිසා මියගොස් ඇතැයි රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙම එන්නත   ශරීරයේ විවිධ කොටස්වල බැක්ටීරියා ආසාදන වලට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ප්‍රතිජීවක ඖෂධයකි.

ඊයේ (11)  මෙම එන්නත ලබා දීමෙන් පසු මිනිත්තු 05කින් අනතුරුව රෝගියා ඇදවැටී මියගොස් ඇති බව පැවසේ.

ඖෂධ අසාත්මික වීමක දි කටයුතු කරන ආකාරය සම්බන්ධව මේ දිනවල රෝහල් තුළ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වුවද එම හදිසි ප්‍රතිකාර ඒකකයට අදාල රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී තිබේ.

මිය ගිය රෝගියාට එම ප්‍රතිජීවක එන්නතෙහිම මාත්‍රා දහයක් ලබා දී ඇති නමුත් , සංකූලතා වාර්තාවී ඇත්තේ එකොලොස්වන මාත්‍රාව ලබා දීමේදීය.

මේ වනවිට රෝහල් අධ්‍යක්ෂවරයාගේ උපදෙස් පරිදි අදාල ප්‍රතිජීවක ඖෂධයේ රෝගියාට අසාත්මික වූ එන්නත් කාණ්ඩය වෙනත් රෝගීන්ට ලබා දීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

Trending

Exit mobile version