Connect with us

පුවත්

ප්‍රතිජීවක ඖෂධයක කාණ්ඩ 03ක් තාවකාලිකව භාවිතයෙන් ඉවතට

Published

on

ප්‍රතිජීවක ඖෂධයක, කාණ්ඩ 03ක් තාවකාලිකව භාවිතයෙන් ඉවත් කළ බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අදාළ එන්නත් කාණ්ඩ ලබාදීමෙන් අනතුරුව ආසාත්මිකතා ඇතිවීම හේතුවෙන් මේ තීන්දුව ගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, පේරාදෙණිය රෝහලේදී මියගිය තරුණියට දුන් එන්නත් ඛාණ්ඩය සහ මහනුවර ජාතික රෝහලේදී රෝගීන් දෙදෙනෙකුට ආසාත්මිකතා ඇතිවූ එන්නත් කාණ්ඩය එලෙස භාවිතය අත්හිට වූ බවයි.

මහනුවර, ජාතික රෝහලේදී ප්‍රතිජීවක ඖෂධය ලබා ගැනීමෙන් පසු ආසාත්මිකතා ඇතිවූ රෝගීන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද, ඔහු සඳහන් කළේ ය.

මේ අතර ප්‍රතිජීවික ඖෂධය ලබාදීමෙන් පසු ඇති වූ ආසාත්මිකතාවක් උග්‍ර වීමෙන් පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි චමෝදි සංදීපනී නමැති 21 හැවිරිදි තරුණිය මියගොස් ඇතැයි, අදාළ නිලධාරියා පැවසුවේ ය.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (15)  ප්‍රකාශ කළේ, අදාළ එන්නත තරුණියට දුන් දිනයේදීම තවත් රෝගීන්  12 දෙනෙකුට එය ලබා දී ඇති බවයි.

ජනවාරි සිට මේ දක්වා රෝගීන් 2,715 දෙනෙකුට පේරාදෙණිය රෝහලේදීම එම එන්නත් කාණ්ඩය ලබාදී ඇතැයි, අමාත්‍යවරයා සඳහන් කළේ ය.

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.

Continue Reading

පුවත්

ශෂීන්ද්‍ර  අල්ලස් කොමිසමට

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

පානදුර සහ එගොඩඋයන අතර දුම්රිය මාර්ගයට අද (05) උදෑසන හානි සිදුවීමෙන් මෙම ප්‍රමාදය ඇති වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය වැඩිදුරටත් පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved