Connect with us

පුවත්

ප්‍රදීප් රත්නායක සයිබීරියාවට යවයි!: ගම්පහ අය ඊළඟ බෝට්ටුවට

Published

on

මාතර දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස සේවය කරන සමයේ කරන ලද වැරැද්දකට අදාළව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් රත්නායක මහතා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ තිබෙන පරිපාලන නිලධාරින්ගේ සංචිතය (Pool) හෙවත් සයිබීරියාවට යොමුකර ඇතැයි අනාවරණය වේ.

ලේකම්වරයා මාතර දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කරන සමයේදී කරන ලද විනය විරෝධී කටයුත්තකට අදාළව ජනාධිපති කාර්යාලය විසින් මෙම පියවර ගෙන ඇතැයිද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

එම විනය විරෝධී කටයුත්තේ මූලික පරීක්ෂණ වාර්තාව ජනාධිපති කාර්යාලයට ලැබීමෙන් පසු මෙම පියවර ගෙන තිබේ.

මෙම ලේකම්වරයා මේ වසර අගදී විශ්‍රාම යැවීමට නියමිතව සිටි බවද පැවැසේ.

අමාත්‍යංශ ලේකම්වරු පාලනය කිරීමේ කටයුතු සිදුකෙරෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය හරහාය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ තිබෙන පරිපාලන නිලධාරීන්ගේ සංචිතය හිස්කිරීමට රජයේ අවධානය යොමුකර ඇති අතර, මෙම සංචිතයට යොදන නිලධාරීන් රජයේ තාවකාලික තනතුරකට යෙදවීමට නියමිත බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කියයි.

ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් අනුරාධ විජේකෝන්ද මෙම සංචිතයේ සිටින අතර ඔහුටද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරක්ද ලබාදීමට පසුගියදා කටයුතු කෙරුණි.

ඊළඟ බෝට්ටුව

මේ අතර, පෑලියගොඩ, කැලණිය, ගම්පහ, වත්ත හා ඡාඇල ප්‍රධාන කොට සේවයේ නියුතුව චෝදනා එල්ලව සිටින ප්‍රධාන හා සුළු පරිපාලන නිලධාරීන් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ද ස්ථාන මාරු ලබාදීමට රාජ්‍ය පරිපාලනයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

මේ අතරින් වැඩි දෙනෙකුට චෝදනා එල්ලව ඇත්තේ අනවසර ගොඩනැගිලි තැනීමට බලපත්‍ර ලබාදීමට හවුල්වීම, මහජන සෞඛ්‍ය අනතුරේ හෙලීම, ප්‍රමිතියෙන් තොර පාරවල් සකස්කිරීමට හවුල්වී යන කාරණා සම්බන්ධයෙනි.

එසේම, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වෙත දැනුවත් කර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත්ව ඇති ජනතා පැමිණිලි විශාල ලෙස ලැබී ඇති පුද්ගලයන් සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමුකර ඇතැයි පැවසේ.

මේ අතර, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ අනනොතකා කටයුතු කරනු ලබන රාජ්‍ය පරිපාලන නිලධාරීන් සම්බන්ධයෙන් වාර්තාවක් ආණ්ඩුකාරවරයාගේ කාර්යාලය තුළ සැකසෙමින් ඇති බවට ද ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

මේ අතර, මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ලවන පරිපාලන නිලධාරීන්ගේ දත්ත එකතු කිරීම සඳහා ද ජනාධිපති කාර්යාලයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි වාර්තා වේ.

Continue Reading

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading

පුවත්

ඩෙංගු – චිකන්ගුන්‍යා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්

Published

on

By

මේ දිනවල පවතින වර්ෂාවත් සමග ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත කරනු ලබන මදුරුවන් හරහා චිකන් ගුන්‍යා රෝගය ද ව්‍යාප්ත වන බවය.

ඔහු පැවසුවේ දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව හේතුවෙන් බොහෝ පිරිස් විනෝද චාරිකා ගොස් ඇති බවත් මේ හේතුවෙන් නිවාස සහ අවට පරිසරය පිරිසිදු කර ගැනීමේ හැකියාව මග හැරී ගොස් ඇති බවය.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන පිරිසිදු කිරීමේ හැකියාවක් ලැබී නොමැති බැවින් මදුරුවන් බෝ වන ස්ථාන වැඩි වී ඇතැයිද ඔහු පැවසීය.

ඩෙංගු සහ චිකන්ගුන්‍යා රෝග පතුරුවනු ලබන්නේ එකම මදුරුවෙකු විසින් බව පෙන්වා දුන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මේ හේතුවෙන් අවට පරිසරය නිරන්තර පිරිසිදු කරගනිමින් මදුරුවන් බෝවිම වළක්වා ගන්නා ලෙස ජනතාව දැනුවත් කරන බවය.

(අරුණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved