පුවත්

ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීම්

Published

on

ගිං ගඟ ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු ලෙස අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අයත් පහත් බිම් ප්‍රදේශ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඉදිරි පැය 48ක කාලය තුළ නෙළුව, තවලම, නාගොඩ, නියාගම, වැලිවිටිය-දිවිතුර, ඇල්පිටිය, අක්මීමන, බද්දේගම සහ බෝපේ-පෝද්දල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගිං ගඟ නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව සඳහන්ය.

Trending

Exit mobile version