කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (13) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව හෙට (13) ප.ව. 05.00 සිට අනිද්දා (14) පෙ.ව. 09.00 දක්වා පැය 16ක කාලයක් පුරාවට කොළඹ 11,12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.
අඹතලේ ජල සැපයුමෙහි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය කියා සිටියි.