Connect with us

පුවත්

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

Published

on

අද (01) දින ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ පොළොන්නරුව  දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. 

පුවත්

අද සිට දින 3ක් සේවක අර්ථසාධක අරමුදලේ සේවා නවතී

Published

on

By

සේවක අර්ථසාධක අරමුදලට අදාළ සේවාවන් ලබා දීම අද (21) සිට තාවකාලිකව අත්හිටු වන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද සිට ලබන 23 වනදා දක්වා සේවා සැපයීම සිදුනොවන බවය.

කම්කරු දෙපාර්තමේන්තුව මඟින් සේවා සපයන සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල් පූර්ණ ප්‍රතිලාභ ගෙවීම, මියගිය සාමාජික ප්‍රතිලාභ ගෙවීම, 30% ප්‍රතිලාභ ගෙවීම, නව ආයතන ලියාපදිංචි කිරීම  සහ බී කාඩ් සංශෝධනය කිරීම දිවයිනපුරා කම්කරු කාර්යාලවල තාවකාලිකව අත්හිටුවනු ඇත.

අදාළ සේවාවන් ලබා ගැනීමට 011 2201201 දුරකථන අංකය මඟින් දිනයක් වෙන් කර ගන්නා අය සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු කරන බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

Continue Reading

පුවත්

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි

Published

on

By

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් අද (21) දිනයේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

උතුරු-මැද පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ  සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත්  විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණක තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

පොලිස්පති, ප්‍රභූ ආරක්ෂක අධ්‍යක්ෂ වහාම පාර්ලිමේන්තුවට කැඳවන්නැයි පක්ෂ නායකයෝ කතා නායකට කියති

Published

on

By

මෙරට ජාතික ආරක්ෂාවේ බිඳවැටීම පිළිබඳව මතුව ඇති තත්ත්වයන් ගැන සාකච්ඡා කිරීමට පොලිස්පතිවරයා සහ ප්‍රභූ ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂවරයා වහාම පාර්ලිමේන්තුවට කැඳවන ලෙස විපක්ෂ පක්ෂ නායකයන් කථානායකවරයා දැනුවත් කර තිබේ.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් හා මන්ත්‍රිවරුන් අතර විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (20) පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය.

මෙම අවස්ථාවට ගයන්ත කරුණාතිලක, සිවඥානම් ශ්‍රීධරන්, රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, රවී කරුණානායක, ජීවන් තොණ්ඩමන්, කේ. කාදර් මස්තාන්, දිලිත් ජයවීර, දයාසිරි ජයසේකර, ජේ.සී. අලවතුවල, ආචාර්ය එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා, වෛද්‍ය පී.සත්‍යලිංගම්, නිසාම් කාරියප්පර් යන මන්ත්‍රිවරුන් එක්ව ඇත.

මෙරට ජාතික ආරක්ෂාවේ බිඳවැටීම රටේ ජන ජීවිතයට බලපෑමක් වී ඇති බවත්, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ මහජන සේවාව නිදහසේ ඉටු කිරීමට නොහැකි තත්ත්වයක් ද උද්ගත වී ඇති බවත්, පක්ෂ නායකයන් එහිදී පෙන්වාදී තිබේ.

ඉන් පසුව ඒ පිළිබඳව නැවත වතාවක් කථානායකවරයාගේ අවධානය යොමු කිරීමේ අරමුණින් කථානායකවරයා හමුවීමට විපක්ෂයේ පක්ෂ නායකයන් තීරණය කර ඇත.

එම අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ කාර්යභාරය පාර්ලිමේන්තුව තුළදී මෙන්ම පිටත දී නිදහසේ සහ ස්වාධීනව ඉටු කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ වගකීම සහ වගවීම කථානායකවරයා සතු වන බව අවධාරණය කිරීමට කටයුතු කළ යුතු යැයි මන්ත්‍රිවරුන් පෙන්වාදී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved