Connect with us

පුවත්

ප්‍රදේශ කිහිපයකට මි.මී. 50 ඉක්මවූ වැසි

Published

on

දිවයිනේ දකුණු කොටසේ අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

පුවත්

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු ලොකු පැටී අද ලංකාවට

Published

on

By

විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් “ලොකු පැටී” කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ.

පොලීසිය පැවසුවේ, බෙලරූස් රාජ්‍යයේ සිට අද (14) උදෑසන 09.00ට පමණ එම සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රැගෙන එන බවය.

‘ලොකු පැටී’ නැමැත්තා ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු ද වෙයි.

මෙම සැකකරුට එරෙහිව අධිකරණවල විභාග වන නඩු පහත පරිදි වේ.

2016.05.21 වන දින වැලිපැන්න පොලිස් වසමේදී හෙරොයින් ග්‍රෑම් 23 ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම සම්බන්ධයෙන් කළුතර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
එමෙන්ම 2017.05.09 වන දින පිළියන්දල පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය හා බරපතළ තුවාල සිදු කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
2017.06.15 වන දින හෙරොයින් ග්‍රෑම් 299 ක් සන්තකයේ තබාගැනීම හා ජාවාරම සම්බන්ධයෙන් කළුතර මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.
2021.10.08 වන දින වැලිපැන්න පොලිස් වසමේදී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් හා පතරොම් සන්තකයේ තබාගැනිම සම්බන්ධයෙන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.

මේ අතර තවද මෙම සැකකරු විසින් විදේශගතව සිටිමින් පහත අපරාධ මෙහෙයවා ඇති බවට අනාවරණය වී ඇත.

2022.08.24 වන දින අහුංගල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීම.
2022.09.23 වන දින අහුංගල්ල පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම.
2022.10.12 වන දින අහුංගල්ල පොලිස් වසමේදී ටි 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම.
2024.01.18 වන දින අම්බලන්ගොඩ පොලිස් වසමේදී මාළු ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට පැමිණෙමින් සිටි සැකකරුවෙකු ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගැනීම.
2024.07.08 වන දින අතුරුගිරිය පොලිස් වසමේදී ටි 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර සිව් දෙනෙකුට තුවාල සිදු කිරීම.

Continue Reading

පුවත්

සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහජන ක්‍රියාකාරී පක්ෂය ජය ගනියි!

Published

on

By

සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහජන ක්‍රියාකාරී පක්ෂය ජයග්‍රහණය කර තිබේ.

ඒ 65%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්.

ඒ අනූව පාර්ලිමේන්තු ආසන 97න් 87ක් අගමැති ලොරන්ස් වොන්ග්ගේ නායකත්වයෙන් යුත් මහජන ක්‍රියාකාරී පක්ෂය ජයග්‍රහණය කර තිබේ.

උද්ධමනය, වැටුප් විෂමතා වැනි ගැටලු හේතුවෙන් ජනතාව කනස්සල්ලට පත්ව ඇති පසුබිමකදී සිංගප්පූරු මැතිවරණය පැවැත්විය.

Continue Reading

පුවත්

ජනපති වියට්නාමයට ළඟාවෙයි (ඡායා)

Published

on

By

වියට්නාමයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (04) අලුයම වියට්නාමයේ නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

ජනාධිපතිවරයා අද දින සිට එළැඹෙන 06 වැනි දින දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත වෙනු ඇත.

ඒ වියට්නාම ජනාධිපති ලුඕං කුඕංගේ ආරාධනයක් අනුවය.

නොයි බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ශ්‍රි ලංකා ජනාධිපතිවරයා සහ දූත පිරිස වියට්නාම විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නූයෙන් මන් කුඕං, ජනවාර්ගික හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නොං ති හා, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ට්‍රින් ති ටම් සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඇතුළු පිරිසක් විසින් පිළිගනු ලැබීය.

වියට්නාම මාධ්‍ය වාර්තා කර ඇත්තේ 1970 වසරේ දී ආරම්භ වූ වියට්නාම – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අනුව 2009 වසරෙන් පසුව වසර 16කට පසු ශ්‍රී ලංකා නායකයෙකු වියට්නාමයට සංචාරය කරනු ලබන පළමු අවස්ථාව මෙය යන බවය.

එමෙන්ම ජනාධිපතිවරයා 2024 සැප්තැම්බර් මාසයේ බලයට පත්වීමෙන් අනතුරු අග්නිදිග ආසියාවේ සිදු කරන පළමු සංචාරයද මෙය වන බව එම මාධ්‍ය වාර්තාවල සඳහන්ව තිබේ.

වියට්නාම තානාපතිනිය එරට මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙරට ජනාධිපතිවරයාගේ මෙම සංචාරය වඩාත් ත්‍රීව්‍ර හා පුළුල් ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ නව අදියරක ආරම්භය සනිටුහන් කරනු ඇති බවත් එය දෙරටටම ප්‍රතිලාභ ගෙන දෙන මෙන්ම කලාපයේ සහ ලෝකයේ සාමය, සහයෝගීතාවය, සංවර්ධන සහ සමෘද්ධිය සඳහා දායක වන බවත්ය.  

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved