Connect with us

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි

Published

on

බස්නාහිර සහ මධ්‍යම පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මධ්‍යම, ඌව, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එහි සඳහන් ඇත.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

පුවත්

ජන්ද කොළේ නැතත් ජන්දය දෙන්න පුලුවන්

Published

on

By

නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් ලැබී නොමැති ජන්දදායකයකයෙකුට අද (06) ජන්ද මධ්‍යස්ථානයේදී ජන්දය භාවිතා කිරීමට බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

ලියාපදිංචි සෑම ජන්දදායෙකූටම නිල ජන්ද දැන්වීම් පත්‍රිකාව නැතැත් ජන්දය භාවිතා කළ හැකි බව පැවසූ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට අද දිනයේදීද තැපැල් හෝ උප තැපැල් කාර්යාලයෙන් එය ලබා ගත හැකි බව සඳහන් කලේය.

ඒ අනුව ජන්දය භාවිතා කිරීමට ජන්ද මධ්‍යස්ථානයට යාමේදී ජාතික හැඳුනුම්පත හෝ පිලිගත් වලංගු හැදුනුම්පතක් අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ජන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට තමන්ට ලිපි බෙදන තැපැල් හෝ උප තැපැල් කාර්යාලයෙන් අද පස්වරු 4.00 දක්වා ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ.

Continue Reading

පුවත්

රංචු පිටින් ඡන්ද පොළට එන්න එපා

Published

on

By

ඡන්ද පොළවල් ආශ්‍රිතව අනවශ්‍ය රංචු ගැසීම් වලින් වළකින ලෙස පොලිස් මූලස්ථානය සියලුම ජනතාවගෙන් සහ  දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන්  ඉල්ලීමක් කර තිබේ.

පොලීසිය දැනුම්දෙන්නේ, ඡන්ද පොළට ගොස් ඡන්දය පාවිච්චි කර සාමකාමීව පිටව යන ලෙසය.

ඡන්ද පොළවල් ආශ්‍රිතව රැඳී සිටිමින් විවිධ ප්‍රචාරක කටයුතුවල යෙදීම සම්පූර්ණයෙන්ම තහනම් බව මැතිවරණ කොමිෂන්  සභාව පවසයි.

සියලු ඡන්ද පොළකම  ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 65,000ට ආසන්න පිරිසක් යොදවා තිබේ.

මීට අමතරව දිවයින පුරා  පොලිස් ජංගම මුර සංචාරද අද (06) සහ හෙට  පැය විසි හතර පුරා ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය පවසයි.

මේ අතර සමස්ත මැතිවරණය නිරීක්ෂණයට 3,000ක පිරිසක් යොදවා ඇති බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.

Continue Reading

පුවත්

සබරගමු සරසවි සිසුන් 11 කගේ අධ්‍යයන කටයුතු අත්හිටුවයි

Published

on

By

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකු නවකවදය හේතුවෙන් මියයාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුලින් අත්අඩංගුවට ගනු ලැබූ සිසුන් සිව්දෙනා ඇතුළු සිසුන් 11 දෙනෙකුගේ අධ්‍යයන කටයුතු අත්හිටුවා ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුගේ මරණයට අදාලව එම විශ්වවිද්‍යාලයේම සිසුන් සිව්දෙනෙකු පසුගිය 04 වනදා රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී අත්අඩංගුවට ගන්න ලදී.

ඔවුන් බලංගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සිදුවිය.

මේ අතර එම සිදුවීමට අදාලව තවත් සිසුන් සිව්දෙනෙකු ඊයේ (05) සමනලවැව පොලිසිය වෙත භාරවීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved