පුවත්

ප්‍රදේශ රැසක අදත් තද වැසි

Published

on

දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්වය හේතුවෙන් දිවයිනේ උතුර, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම බස්නාහිර, මධ්‍යම, සරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත්, රාත්‍රී කාලයේ හෝ සවස් කාලයේ තැනින් තැන හෝ ගිගුරුම් සහිත වැසි ද ඇතිවිය හැකිය.

තවද එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

Trending

Exit mobile version