ජාතික ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය දරන දැනට සේවයේ නියුතු ඉහළම පෙළේ ආරක්ෂක අංශ ප්‍රධානියකු සම්බන්ධව විශේෂ රහස් පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
නීතිපතිවරයා පොලිසියට ලබාදුන් ලිඛිත නියෝගයක් අනුව මෙම පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇතැයි ද පැවසේ.
පසුගිය වසරේ මාර්තු මස 01වැනිදා සිට මැයි 9 වැනිදා දක්වා අතර කාලය තුළ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට විධිමත් පියවර නොගැනීම, පැහැදිලි විධාන සහ නියෝග ලබා නොදීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදුකෙරෙන බව වාර්තා වේ.
ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්ගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් විසින් සිදු කළ නිර්දේශයකට අනුව මෙය ක්‍රියාත්මක බවද පැවසේ.
ඔවුන් මේ නිර්දේශය කර ඇත්තේ හිටපු ජනාධිපති නිවෙස ඉදිරිපිට විරෝධතා පැවැත්වීම, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ මැති ඇමැතින්ගේ නිවාස ගිනි තබා විනාශ කිරීම, රාජ්‍ය නායකයාගේ ආරක්ෂාව තහවුරු නොකිරීම ඇතුළු බරපතළ චෝදනා ගණනාවක් මත බවද වාර්තා වේ.
මෙම පරීක්ෂණයේදී අදාළ ආරක්ෂක අංශ ප්‍රධානියාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කිරීමට නියමිත අතර පරීක්ෂණයෙන් පසු ඔහු සම්බන්ධව ඉදිරි පියවර ගැනෙනු ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මූලාශ්‍රය – දේශය