Connect with us

පුවත්

ප්‍රමිතියෙන් තොර කාච ගත්ත කට්ටිය අධිකරණයට

Published

on

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සැපයුම්කරුවන්ගෙන් ලබා ගත් ප්‍රමිතියෙන් තොර අක්ෂි කාච දසදහසක තොගය සම්බන්ධයෙන් වගකිවයුතු බලධාරීන්ට එරෙහිව අධිකරණය හමුවට යන බව  වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජිව මහතා කියයි.

ඒ මහතා ඒ බව කියා සිටියේ බොරැල්ල එන්. එම් පෙරේරා කේන්ද්‍රයේ අද (07) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීයෙකු අසු පැනයකට පිළිතුරු දෙමිනි.

එලෙස ලැබුණු අක්ෂි කාචවල ප්‍රමිතිය පරික්ෂා කිරීම ඖෂධ නියාමන අධිකාරියේ තාක්ෂනික කමිටුවෙන් අනිවාර්යෙන් කළ යුතු බවත් ප්‍රමිතියෙන් තොර අක්ෂි කාච මෙරටට ලැබුණේ නම් තාක්ෂනික ඇගයීම් කමිටුවේදී එම අක්ෂි කාච මෙරටට ආනයනය කරන්න අවසර ලබා දුන් සෑම නිලධාරියෙක්ම අනිවාර්යෙන්ම නිතිය හමුවට පත් කළ යුතු බවත්ය.

ඒ සදහා මෙම අක්ෂි කාච ප්‍රමිතියෙන් තොර බවට සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් සහතිකයක් නිකුත් කළ යුතු බවත් එවිට නිසියාකාරව නිතිය ක්‍රියාත්මක කළ හැකි බවත් සභාපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

කෙසේවෙතත් මෙම අක්ෂි කාච තොගය භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඒවා භාරගන්නා ලෙසට සෞඛ්‍ය බලධාරීන් දෙදෙනෙක් වෛද්‍ය සැපයුම් අංශයට බලපෑම් කර තිබු බවද මීට පෙර මාධ්‍ය අනාවරණය කර තිබිණි.

පීටීසී හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ (P.T.C Holdings (Private) Limited) විසින් මේ අක්ෂි කාච තොගය ගෙන්වා ඇති බව මේවන විට හෙළිව තිබේ.

සබැඳි පුවත්:

අක්ෂිකාච මගඩියට CID පැමිණිල්ලක්

බෙනරගමලාට අක්ෂිකාච ටෙන්ඩරය දුන්න අයෙක් රිමාන්ඩ් එ​කේ

ප්‍රමිතියක් නැති අක්ෂි කාච ගෙන්නුවේ බෙනරගමගේ පුතාගේ කොම්පැණියෙන්!

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved