මාවනැල්ල, හෙන්මාතගම ප්‍රදේශයේ ආයතනක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කළ ලියාපදිංචි සහතිකය ඉකුත්ව තිබියදී, එම තොරතුරු ව්‍යාජ ලෙස යොදාගනිමින් පානීය ජල බෝතල් නිෂ්පාදනය කරමින් තිබියදී ජල බෝතල් විශාල තොගයක් භාරයට ගත් බව පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය පවසයි.
මෙහිදී නිෂ්පාදනය කර බෙදාහැරීම සදහා සූදානම් කර තිබූ මිලි ලීටර් 500 ජල බෝතල් 1904ක්, ලීටරයේ ජල බෝතල් 484ක්, ලීටර් එකහමාරේ ජල බෝතල් 576ක් සහ ලීටර් 19 ජල බෝතල් 34ක් භාරයට ගත් බවද පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය සදහන් කලේය.
එම අධිකාරිය වැඩිදුරටත් කියා සිටියී, පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය පනතට අනුව තමන්ට නොමැති ප්‍රමිතියක් හෝ අනුග්‍රහකත්වයක් ඇති බවට ව්‍යාජ ලෙස හුවා දැක්වීම වරදක් වන අතර අදාල ව්‍යාපාරික ආයතනයට එරෙහිව ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බවය.