පුවත්

ප්‍රවීණ චිත්‍රපට සංස්කරණ ශිල්පී අලිමාන් අභාවප්‍රාප්ත වෙයි

Published

on

ප්‍රවීණ චිත්‍රපට සංස්කරණ ශිල්පී අලිමාන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ චිත්‍රපට සංස්කාරණ ශිල්පියකු වූ එම්.එස්.අලිමාන් මහතා ඊයේ(19) අභාවප්‍රාප්ත විය.

මිය යන විට 77 වන වියේ පසු වූ මොහු දෙදරු පියෙකි.

තවද ඔහු සංස්කරණය කළ චිත්‍රපට අතර කොටි වලිගය, නොම්බර 17,සඳකඩ පහණ, කළුසුදු මල්, ඔබටයි ප්‍රියේ ආදරේ, රජවැඩකාරයෝ, ලෙෆ් රයිට් සහ පයිලට්, ප්‍රේමනාත් ද වේ.

ඒ මහතාගේ අවසන් කටයුතු මල්වාන උල්හිටුවල මුස්ලිම් පොදු සුසාන භූමියේ දී ඊයේ සවස සිදු කර ඇත.

Trending

Exit mobile version