Connect with us

පුවත්

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු වැරදි බව මහින්ද කියයි!

Published

on

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරිහරණය ඇතුළු ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා ඇති නිල රථ සම්බන්ධයෙන්, මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා භාරයේ පවතින බවට දක්වා ඇති වාහන සම්බන්ධයෙන් වන තොරතුරු නිවැරදි තොරතුරු නොවන බවය.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාගේ පරිහරණය ඇතුළු ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති නිල රථ 06න් ගිලන් රථය ද ඇතුළුව රථ 03ක් ජනාධිපති ලේකම් කාර්යාලය ලබාදී තිබූ ලිඛිත උපදෙස් ප්‍රකාරව හෙට (21) නැවත භාරදීමට කටයුතු මේ වනවිට සම්පාදනය කර ඇති බව මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය විසින් නිකුත්කළ නිවේදනය වැඩිදුරටත් පහතින්,

සබැඳි පුවත්ර
නිල් ළඟ වාහන 11ක්, මහින්ද ළඟ වාහන 8ක් තියෙනවා – රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්
මහින්දගේ බැකප් රථ 3 ඉල්ලයි ; මේව කරන්නේ බුද්ධි අංශයෙන් අහලද සාගර විමසයි

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved