එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ආයතනය විසින් ඇමෙරිකාවේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා සභාපතිවරුන්ගේ වැඩමුළුවකට සහභාගි වීමට නම්කර සිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංගට හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකරට ඇමෙරිකානු වීසා ලබාදීම අසීරුබව රාජ්‍ය තාන්ත්‍රිකව පාර්ලිමේන්තුවට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව ඔවුන් මෙම ඇමෙරිකානු සංචාරයෙන් ඉවත්ව ඇති බවද පැවසේ.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙම සංචාරයේ කණ්ඩායම් නායකයා ලෙසද නම් කර තිබිණි.
එලෙස වීසා ප්‍රතික්ෂේප කිරීමට හේතුව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට අදාළ නඩුවක් සහ සරත් වීරසේකර මන්ත්‍රීවරයාට අදාළව යුද සමයේ ක්‍රියා කලාපයන් සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණයක් අනුව බව පැවසේ.
එසේම පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති ධූරය දරන මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ පාර්ලිමේන්තු සේවාව මසකට තහනම් කර ඇති නිසා ඔහුටද මෙම සංචාරය අහිමිවනු ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි.
මූලාශ්‍රය – දේශය