ගෝනවල පමුණුවිල සරච්චන්ද්‍ර ඩයස් මාවතේ පිහිටි පොදුජන එක්සත් පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට අයත් දෙමහල් නිවසට කිසියම් පිරිසක් විසින් පහරදී ඇතැයි වාර්තා වේ.
මෙම පහරදීමෙන් නිවසේ ජනෙල් අටකට ද හානි සිදුවී ඇතැයි සපුගස්කන්ද පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
මෙම පහරදීම සිදු වන අවස්ථාවේ නිවසේ කිසිවකුත් සිට නැතැයි ද වාර්තා වේ.
ඒ අවට සවිකර ඇති සීසීටීවී කැමරාවල රූප රාමු පරීක්ෂාකර බලා සැකකරුවන් හඳුනාගැනීමට පොලිසිය උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.