Connect with us

පුවත්

ප්‍රහාරයක් ගැන ඉන්දියාවේ බුද්ධි අංශවලින් කිව්වේ නැහැ

Published

on

මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට ඇති සැලසුමක් සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ විසින් දැනුම් දීමක් නිකුත් කර නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය ගැන පැහැදිලි කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී අද (24) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කලේය.

ඉන්දීය බුද්ධි අංශ විසින් එවැනි දැනුම්දීමක් නොකළ බවත් එය සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රවෘත්තියක් බවත් විජිත හේරත් මහතා මෙහිදී ප්‍රකාශ කලේය.

එමෙන්ම, මෙම තත්වය සම්බන්ධයෙන් වගකීම් සහගතව කරුණු වාර්තා කරන ලෙසත් ජනතාව අතර නොසන්සුන්කාරී තත්වයක් ඇති කරන වැරදි පුවත් ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසත් අමාත්‍යවරයා මෙහිදී මාධ්‍ය වෙත අවධාරණය කලේය.

ඔහු තවදුරටත් පවසා සිටියේ මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මේ වනවිට තිදෙනෙක් අත්අඩංගුවට ගත් බවය.

එම පුද්ගලයින් තිදෙනාම මෙරට පුරවැසියන් බවද අමාත්‍යවරයා පවසා සිටියේය.

සැකපිට අත්අඩංගුවට ගත් එම පුද්ගලයින් යම්කිසි කැලඹිලිකාරී තත්ත්වයත් ඇති කිරීම සඳහා දැනුවත්ව හෝ නොදැනුවත්ව උත්සාහ කර ඇතිද යන්න පරීක්ෂා කිරීම සඳහා මේ වන විට ඔවුන්ගෙන් ප්‍රශ්න කරන බව විජිත හේරත් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කලේය.

“මැදපෙරදිග ඇතිවෙලා තියෙන යුදමය තත්ත්වයත් එක්ක ලංකාවට පැමිණිලා ඉන්න සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අපේ වගකීමක්. යම් යම් තොරුතුරු අනාවරණය වුණා,.ලංකාවට පැමිණි සංචාරයගේ ආරක්ෂාවට යම් බාධා ඇතිවිය හැකියි කියලා.”

“ඒ පිළිබද බුද්ධි අංශවලට තොරතුරු ලැබුණා. ඒ තොරතුරු ලැබීමත් එක්ක අපි වහාම ක්‍රියාත්මක වුණා. අදට හරියටම මේ ආණ්ඩුව බලයට පත්වෙලා මාසයයි. මාසය තුළ අවස්ථා කිහිපයකදීම රැස්වුණා.”

“තොරතුරු ලැබීමත් සමග විදෙස් සංචාරකයන් වැඩිපුර ගැවසෙන ආරුගම්බේ, බණ්ඩාරවෙල ඇල්ල, මාතර වැලිගම, අහුන්ගල්ල වෙරළ තීරයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදුන්නා.”

“එම පොලිස් ආරක්ෂාව මේ මාසේ මුල ඉදළම යොදවන්න කටයුතු කරලා තියෙනවා. ආරක්ෂක මණ්ඩලය තුළ මේ තොරතුරු ගැඹුරින් සාකච්ඡා කළා. බුද්ධි අංශත් පොලීසියත් මගින් පරීක්ෂණ කටයුතු ආරම්භ කළා.” 

පුවත්

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා ඇතුළු දෙදෙනකුට අල්ලස් කොමිසමෙන් නඩු

Published

on

By

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඇතුළු දෙදෙනෙකුට අල්ලක් කොමිසම විසින් නඩු පැවරීමට පියවර ගෙන තිබේ.

ඒ 2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීම හරහා රජයට රුපියල් ලක්ෂ 17 කට අධික පාඩුවක් සිදු කළේ යැයි කිය සිදුවීමකට අදාළවය.

ඒ අනුව හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය  ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා පුවත්පත් 11ක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල් වලින් පුවත්පත් අතිරේක පළ කිරීම තුළින් රජයට 1748877.76 ක මුදලක් පාඩු කිරීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර ඇත.

මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙන චෝදනා සංඛ්‍යාව පහක් වන අතර සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු නම් කර තිබේ.

එමෙන්ම නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 21 ක්ද ඉදිරිපත් කර ඇත.

Continue Reading

පුවත්

පතල් කාර්මිකයන් සඳහා රක්ෂණ ක්‍රමයක්

Published

on

By

පතල් කර්මාන්තයේ නිරත කාර්මිකයන් සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් රක්ෂණ ක්‍රමයක් හඳුන්වා තිබේ.

පතල් කර්මාන්තයේ ඇති අනාරක්ෂිතභාවය නිසාම එම රැකියාවෙහි නිරත වන තරුණ පිරිස් ක්‍රමයෙන් අඩු වී ඇත.

ඊට විසඳුමක් ලෙස පතල් සේවකයන් උදෙසා රක්ෂණ ක්‍රමයක් හඳුන්වාදීමට කටයුතු කළ බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

වාර්ෂිකව අලුත් කළ හැකි හදිසි අනතුරු රක්ෂණ ක්‍රම වේදයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

වෙනත් රක්ෂණ සමාගම්වල ඒ වෙනුවෙන් අය කරන වාරිකයට වඩා සහනදායී රක්ෂණ වාරික මුදලක් අය කර ගැනීමට තීරණය කරමින් පතල් කාර්මිකයන්ගේ අවදානම් ආවරණය කිරීමටයි කටයුතු කර තිබේ.

Continue Reading

පුවත්

දේශබන්දු 19වනදා පරීක්ෂණ කමිටුවට

Published

on

By

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මහතාට එළැඹෙන 19වනදා ප.ව. 2ට පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.

‘පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව’ විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved