මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ඉල්ලා අස්වීමක් සම්බන්ධයෙන් ලිපියක් මෙතෙක් කොමිෂන් සභාව වෙත ලැබී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
ඒ අනුව 2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කාර්යයන් කිසිඳු අඩාලවීමකින් තොරව සැලසුම් කර ඇති ආකාරයට ක්‍රියාත්මක කරනු ලබන බවද දැනුම්දෙයි.
කෙසේවුවද, ඊයේ මාධ්‍ය වාර්තා කර තිබුණේ මැතිවරණ කොමිසමේ සාමාජිකා ප්‍රින්ස් සරෝජනී මන්මතරාජා චාල්ස් මහත්මිය කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වීමට අදාළ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර ඇති බවයි.
මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.
සබැදි පුවත්:
මැතිවරණ කොමිසමේ සිටි ප්‍රින්ස් ඉල්ලා අස්වෙයි!