Connect with us

පුවත්

ප්‍රිමාලිගේ කේස්වලට පැය 5ක් ප්‍රශ්න කළ සංගීතා නැවත CID යට

Published

on

තිළිණි ප්‍රියමාලි කළ මහා පරිමාණ මූල්‍ය වංචාවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශනයන්ට අදාළව ඊයේ (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 5කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත් ජනප්‍රිය ප්‍රවීණ රංගන ශිල්පිනී සංගීතා වීරරත්න මහත්මිය නැවත වරක් එහි කැඳවීමේ සූදානමක් ඇතැයි වාර්තා වේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් තිළිණි සම්බන්ධයෙන් කරන පරීක්ෂණවලින් මතු කර ගත් වීඩියෝ දර්ශනයක් සංගීතා වීරරත්න මහත්මියට ඉදිරිපත් කරමින් ඒ ගැන විමසීමේදී ඇය කිසිවක් පැවසීමට නොහැකිව මඳ වේලාවක් නිරුත්තර වී සිටීම සම්බන්ධයෙන් මතුවූ සැකයක් සම්බන්ධයෙන් බවද පැවසේ.

එහිදී තිළිණි ප්‍රියමාලි සමඟ ඇයට තිබුණු හිතවත්කම් ගැන මෙන්ම ඇය සමඟ කර ඇති ගනුදෙනු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් සංගීතාගෙන් එහිදී ප්‍රශ්න කර ඇති බවද වාර්තා වේ.

මෙහිදී බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

තිළිණි ප්‍රියමාලි සමඟ සමීප සම්බන්ධකම් පැවැත්වීම් සම්බන්ධයෙන් පසුගිය සතියේ ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය රංගණ ශිල්පිනියක් වූ සේමිණි ඉද්දමල්ගොඩ මහත්මියගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 4ක් ප්‍රශ්නකර ප්‍රකාශයක් සටහන්කරගෙන තිබිණි.

තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් කෙ‍ෙරන විමර්ශනයට අදාළව තවත් නවක නිළියක්ව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇති අතර, ඇය මෙතෙක් අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව හමුවේ පෙනී සිට නැතැයි ද මේ අතර වාර්තා වේ.

තිළිණි ප්‍රියමාලි දෙරණ රූපවාහිනියේ ජනප්‍රිය නිවේදක යුවළකට නිවසක් මිලදී ගැනීමට දී ඇතැයි කියන කෝටි එකහමාරක මුදලක් සම්බන්ධයෙන් ද විමර්ශන නිලධාරින්ගේ අවධානය මෙවන විට යොමු වී ඇතැයි වාර්තා වේ.

එම නිවේදක යුවළද ඉදිරියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත බව පැවසේ.

මේ අතර හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරතුංග මහතාගෙන් සහ එම මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සෙනසුරදා පැය 5 කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අවධානය යොමු වී ඇත්තේ තිලිණි ප්‍රියමාලී සමඟ ඔහුටත් ඔහුගේ පවුලේ සමාජිකයන්ටත් පැවැති සම්බන්ධතාවය සහ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමක් සම්බන්ධයෙන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

ඉදිරියේදී ඒ මහතාගේ පවුලේ කිහිපදෙනකුගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කරයි.

මූලාශ්‍රය – දිනමිණ

Continue Reading

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved