පුවත්

පාකිස්තානයෙන් ගෙනා අල කන්ටේනරයෙන් කුඩු මතුවෙයි

Published

on

බහාලුමක තිබී රුපියල් මිලියන 500ට අධික වටිනාකමින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් 16 ක් සොයා ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත් වී තිබේ.

පාකිස්තානයේ සිට මෙරටට පැමිණි අර්තාපල් කන්ටේනරයක ශීතකරණ යන්ත්‍රයක් තුළ මෙම හෙරොයින් සඟවා තිබියදී සොයාගෙන ඇත.

ශ්‍රී ලංකා රේගු පාලන අංශයට ලද තොරතුරක් මත මෙම හෙරොයින් සොයාගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව කියා සිටී.

මෙම අර්තාපල් ලංකාවට ගෙන ආ ආයතනයේ එක් පුද්ගලයකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ජාවාරමේ ඉතිරි පුද්ගලයින් සොයා තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බව පැවස‌ේ.

Trending

Exit mobile version