පුවත්

පාකිස්ථානු නිදහස් දිනය කොළඹදී සැමරේ

Published

on

පාකිස්ථානයේ 76 වැනි නිදහස් දිනය අදට (14) යෙදී තිබේ.

ඒ නිමිත්තෙන් රට පුරා විවිධ උත්සව සංවිධාන කර ඇති අතර ප්‍රධාන නිදහස් උත්සවය ඉස්ලාමාබද් අගනුවර සංවිධාන කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිදහස් දින සැමරුම් කොළඹ පිහිටි පාකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලයේදී අද පෙරවරුවේ පැවැත්වුනු අතර, එහිදී මෙරට සිටින පාකිස්ථානු මහා කොමසාරිස්වරයා විසින් පාකිස්ථානු ධජය ඔසවා තිබුණි.

පාකිස්ථානු ජනපති හා අගමැති ගේ විශේෂ පණිවිඩ දෙකක්ද මෙම උත්සවේදී ප්‍රකාශයට පත් කර තිබුණි.

1947 ඉන්දියානු නිදහස් පනත සමග පාකිස්ථානය, ඉන්දියාවෙන් වෙන් වී නිදහස අත්පත් කරගත්  ස්වෛරී රාජ්‍යයක් ලෙසින් ප්‍රකාශයට පත්කෙරුණි.

“පාකිස්ථානයේ පියා” ලෙස සැළකෙන මොහොමඩ් අලි ජින්නා මහතා විසින් ගුවන්විදුලිය ඔස්සේ ඓතිහාසික ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ නිදහස් හා ස්වෛරී රාජ්‍යයක් වන පාකිස්ථානයේ උපන්දිනය අගෝස්තු 14 බවයි.

මේ අතර, ඉන්දියාව හෙට (15) දිනයේදී සිය නිදහස් දිනය සැමරීමට නියමිතය.

Trending

Exit mobile version