පුවත්

පාතාලය මර්ධනයට අලුත් STF සාමාජිකයන් 500ක් 

Published

on

සංවිධානාත්මක අපරාධ හා අනෙකුත් නීති විරෝධී ක්‍රියා මර්දනයට අලුතින් බඳවා ගෙන ඇති පොලිස් විශේෂ කාර්ය බලකා (STF) සමාජිකයින් 500ක් යෙදවීමට බලාපොරොත්තු වන මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියයි.

තව නොබෝ දිනකින්ම සිය පාඨමලා නිමා කර සේවයට වාර්තා කරන පොලිස් විශේෂ කාර්ය බලකා පිරිසක් මෙසේ එක් කිරීමට නියමිත බවද ඔහු කියා සිටී.

මේ අතර දකුණු පළාතේ සිදු කරන වෙඩි තැබීමේ සිද්ධි පාලනය සඳහා පොලිස් කණ්ඩායම් 04 ක් යොදවා ඇතැයි ද පැවසේ.

අම්බලන්ගොඩ ප්‍රදේශයට ද විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇත්තේ සංවිධානාත්මක අපරාධ මැඩලීම වෙනුවෙනි. 

Trending

Exit mobile version