පුවත්

පාතාලේ කණ්ඩායම් 40ක 800ක් රටවටේ; 70ක් පිටරට

Published

on

දිවයින පුරා සංවිධානාත්මක පාතාල කණ්ඩායම් 40කට අයත් ප්‍රබල පාතාල ක්‍රියාකාරීන් 800ක් පමණ ක්‍රියාත්මක වෙමින් සිටින බව පොලිස් අපරාධ විමර්ශන අංශ විසින් කරන ලද සමීක්ෂණයකදී හෙළිව ඇතැයි වාර්තා වේ.

මේ අයගෙන් පාතාල අපරාධකරුවන් බහුලව සක්‍රිය වී සිටින්නේ බස්නාහිර හා දකුණු පළාතේ බවද පැවසේ.

තවත් 70ක පමණ පිරිසක් විදේශ රටවල් ගණනාවක සිට පාතාලය මෙහෙයවන බවට ද පොලිසියට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වේ.

කෙසේවුවද, ඒ අතරින් හත්දෙනෙකු පමණ විවිධ හේතු මත දැනටමත් අත්අඩංගුවට පත්ව ඇති බවද පැවසේ.

මේ අය අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය හා ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) එක්ව මෙහෙයුමක් දියත් කර තිබේ.

විදේශගතව සැඟව සිටින පාතාලකරුවන් 70 දෙනාට අමතරව වෙනත් බල අපරාධවලට සම්බන්ධවූවන් ගණනාවක් ගැන ද පොලිස් විමර්ශන අංශ තොරතුරු රුස්කර කරගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව පාතාල අපරාධකරුවන් හා සෙසු අපරාධකරුවන් 150කට පමණ දැනටමත් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇතැයිද වාර්තා වෙයි.

පසුගියදා අත්අඩංගුවට පත් හරක් කටාද මෙවැනි ප්‍රතාල ප්‍රබලයෙකි.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ මෙහෙයවීම යටතේ 2022 වසරේ ක්‍රියාකාරී පාතාල නායකයන් 160 දෙනකු පමණ අත්අඩංගුවට ගත් බව නවතම පොලිස් වාර්තා පෙන්වා දී ඇතැයි ද පැවසේ.

Trending

Exit mobile version