Connect with us

පුවත්

පානදුරේ කලබලයක් අතර අහසට වෙඩි තබලා

Published

on

පානදුර සිල්වන් පටුමගේ ඊයේ (30) රාත්‍රි වෙඩිතැබීමක් සිදුව ඇතැයි පානදුර දකුණ පොලිසිය පවසයි.

කොළඹ අලුත්කඩේ උසාවියේ රාජකාරි කරන නීතිඥවරයකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවත්, වෙඩිතැබීමෙන් කිසිවකුටත් හානි සිදුව නැති බවත් පොලිසිය කීය.

සැකකාර නීතිඥ වරයා සහ ඔහු සමග පැමිණි තවත් කාන්තාවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, වෙඩිතැබීමට යොදාගත් මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි පිස්තෝලය සහ ඔවුන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථයද පොලිස් භාරයට ගෙන ඇති බවත්, පිස්තෝලය සදහා බලපත්‍රයක් තිබූ බවත් පොලිසය සදහන් කරයි.

වෙඩිතැබීම සිදුකර ඇති නීතිඥවරයාගේ හිතවත් කාන්තාවක විසින් පානදුර ප්‍රදේශයේ පුද්ගලයකුට ණය මුදලක් ලබාදී ඇති අතර , එය නැවත නොගෙවීම නිසා ණය මුදල ලබාදුන් කාන්තාව තවත් කාන්තාවක සහ නීතිඥවරයා සමග පානදුර සිල්වන් පටුමගේ පදිංචි ණය ලබාගත් අයගේ නිවස වෙත පැමිණ ඇත.

එහිදී දෙපිරිස අතර කතාබහක් ඇතිව ඇති බවත්, ප්‍රතිවාදී පිරිස නීතිඥ වරයාට පහරදීම සූදානම් වීමේදී ඔහු සගවාගෙන සිටී 9 එම් එම් වර්ගයේ ගිනි අවියෙන් අහසට වෙඩිතබා ඇති බවටත් මෙතෙක් කළ පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයි පොලිසිය කීය.

නීතිඥ වරයා පැමිණි සුඛෝපභෝගී ජීප් රථයටද හානි සිදුව තිබූනි.

පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ද පරීක්ෂණ සිදුකල අතර, වෙඩිතැබීම සිදුකළ ස්ථානයේ වැටී තිබූ මිලිමීටර් 9 වර්ගයේ පතුරම් හිස් කොපුවක් සොයාගත් බවද පොලිසිය කීය.

සැකකරුවන් අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

(ලංකාදීප)

පුවත්

රජයේ මාධ්‍ය හැඳුනුම්පත නැතුව කැබිනට් එන්න බැහැ

Published

on

By

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම වසර සඳහා නිකුත් කර ඇති හැදුම්පත සහිත මාධ්‍යවේදින්ට පමණක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අතරතුරය.

වඩාත් විධිමත් ආකාරයෙන් කැබිනට් මාධ්‍ය හමුව පවතාවාගෙන යාමේ අරමුණින් මෙම පියවර ගන්නා බව ඔහු කියා සිටියේය.

ඔහු එහිදී කියා සිටියේ, කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමටත් කැබිනට් පත්‍රිකා මත පදනම් වූ ප්‍රශ්න සහ අත්‍යවශ්‍ය ප්‍රශ්ණ කිහිපයක් සඳහා පමණක් පිළිතුරු දීමට පමණක් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස තමන් මාධ්‍ය හමුව සඳහා පැමිණි බව‍ය.

ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ,

” පොදු සමාජයෙන් සහ මාධ්‍ය ක්ෂේත්‍රයෙනුත් විවේචනයක් එල්ල වෙනවා. මේක අයාල යන්න ගියොත් මම හිතනවා ප්‍රශ්න අහන අයත් හැමෝටම ප්‍රශ්න අහන්න හැමදාම බැරිවෙයි. නමුත් අපි ඒක යම් සංයමයකින් සිදු කරමු. ඒක එහෙම වෙන එක මේ කැබිනට් මාධ්‍ය හමුව සම්බන්ධව මමද කවුද ඉන්නේ කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. ඔබද කවුද එන්නේ කියන එකත් නෙවෙයි වැදගත් වෙන්නේ. ඒක ඉදිරි අනාගතය වෙනුවෙන් වැදගත් වේවි. ගොඩක් එනවා බොහොම ස්තූතියි ඔබලා ගොඩක් ඇවිල්ලා ඉන්න එක ගැන. අද අපි සූම් එකෙන් ප්‍රශ්න අහන්න දුන්නෙත් නෑ.

අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඇත්තටම මේක මෙහෙමයි. පැයකට වඩා යන්න ගියාට පස්සේ මේක ඇදි ඇදි යනවා සහ සතියකට සැරයක් මේක පැවැත්වෙනවා. ඊට අමතරව තවත් ඔබට නිෂ්චිත ප්‍රශ්න ඒකට අදාළ අමාත්‍යංශයට ඉදිරිපත් කරලා ඒ අමාත්‍යවරුන්ගෙන් තොරතුරු ගන්නත් පුලුවන්කම තියෙනවා…

මම හිතනවා අපි මේක තව විධිමත් කරගත යුතුයි කියලා. විශේෂයෙන්ම මාධ්‍යවේදීන්ට අපි හැදුනුම්පත් නිකුත් කරලා තියෙන්නේ. ඒ නිසා ඉදිරියේදී ඒ මාධ්‍යවේදී හැදුනුම්පත සහිත මාධ්‍යවේදීන් එක්ක තමයි අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ.”

Continue Reading

පුවත්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපති වෙතට

Published

on

By

පසුගිය දා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටු වීම සහ පවත්වා ගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කරනු ලැබ ඇත.

වසර 25කට පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු මෙම වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු  සිදු කිරීමට රජය තීරණය කර ඇති අතර අදාළ වාර්තාව අද (29) නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කර ඇත්තේ ඒ අනුවය.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

ගොවිබිමට පුනරුදය ඇරඹෙයි

Published

on

By

ගොවි බිම්වල වාරි පද්ධති, කෘෂි මාර්ග ආදියෙහි ව්‍යාපෘති 1,000ක් සඳහා ගොවි සංවිධාන 1,000ක් වෙත රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව රුපියල් මිලියන 1,000ක් ලබා දීමේ ව්‍යාපෘතිය වන ‘ගොවිබිමට පුනරුදය’ අද (29) නිල වශයෙන් ආරම්භ කෙරිණි.

මෙහිදී අදහස් දක්වමින් ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසුවේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ පවතින ගොවි සංවිධාන 1,000ක් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා 1,000ක් සලකා බලා, එම පුනරුත්ථාපන කටයුතු සිදු කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මේ තුලින් අපි බලාපොරාත්තු වෙනවා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සමග සම්බන්ධවෙලා ඉන්න ගොවි සංවිධාන 1,082ක් අතරින් ගොවි සංවිධාන 1,000කට ව්‍යාපෘති 1,000ක් සඳහා මිලියන 1,000ක් වෙන් කරමින් ගොවි ජනතාවත් එක්ක එකතු වෙලා ගොවි බිම ආශ්‍රිතව තියෙන විවිධ නවීකරණ කටයුතු, පුනරුප්ථාපන කටයුතු සහ නඩත්තු කටයුතු සඳහා මුදල් වෙන් කරන්න.

මහවැලි අධිකාරිය සමග සම්බන්ධ වෙලා ඉන්න ගොවි සංවිධානවලින් අපි යෝජනා ලබා ගත්තා ඔවුන්ගේ ගොවි බිමේ විය යුතු වැඩ මොනවාද කියලා. ගොවි සංවිධාන 1,000කින් අපිට යෝජනා ඇවිල්ලා තියෙනවා ගොවි බිමේ ඇල වේලී ඉදි කිරීම්, කෘෂි මාර්ග ඉදි කිරීම් සහ වෙනත් ඔවුන්ට කරගන්න බැරිවෙලා තියෙන වැඩ සඳහා යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ සඳහා ඇස්තමේන්තු දැන් සකස් කෙරෙමින් පවතිනවා. මේ තුළින් අපි බලාපොරොත්තු වෙනවා ගොවි සංවිධාන 1,000කට උපරිමය මිලියනය බැගින් මිලියන 1,000ක් වෙන් කරන්න.

මේකේ විශේෂත්වය තමයි මේක කරන්නේ ගොවි සංවිධානවලින් ඒ මුදල් ගොවි සංවිධාන වෙත ප්‍රදානය කරනවා.

අපි බලාපොරොත්තු වෙනවා මැතිවරණ කටයුතු ඉවර වුණාට පස්සේ මැයි 15 වැනිදා සිට මේ කොන්ත්‍රාත් ප්‍රදානය ලබා දෙන්න. ගොවිබිමට පුනරුදයේ තාක්ෂණික කටයුතු මේ දිනවල සිදුවෙනවා”

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved