Connect with us

පුවත්

පාර්ලිමේන්තු කැන්ටිමේ කෑම මිල ඉහළට ( Update )

Published

on

පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් මන්ත්‍රීවරුන් සඳහා ලබාදෙන ආහාර වේල්වල මිල ගණන් ඉහළ දැමීමට පාර්ලිමේන්තුවේ ගෘහ කාරකසභාව තීරණය කළ බව නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසයි.

ඒ අනුව, ලබන සතියේ සිට නව මිල ගණන් ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී මෙතෙක් රුපියල් 100ක් වශයෙන් පැවති උදෑසන ආහාර වේලක මිල රුපියල් 600ක් දක්වාත්,

මෙතෙක් රුපියල් 300ක් වශයෙන් පැවති දිවා ආහාර වේලක මිල රුපියල් 1,200 දක්වාත්,

මෙතෙක් රුපියල් 50ක් වශයෙන් පැවති තේ පැන් සඳහා වන ගාස්තුව රුපියල් 200ක් දක්වාත් ඉහළ දමා ඇත.

කෙසේවෙතත් මෙම ආහාර වේල් සඳහා පාර්ලිමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අය කරන ගාස්තු ඉහළ දැමීමට තීරණය නොකළ බවත් නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


(පෙර පුවත: 2025 ජනවාරි 23, පෙ.ව.11:20)

පාර්ලිමේන්තුවේ කෑම මිල වැඩි කිරීමේ තීරණය අද

පාර්ලිමේන්තුවේ ආහාර වේලක මිල වැඩි කිරීමට අදාළ යෝජනාව ළඟදීම කැබිනට් මණ්ඩලයට යොමු කර අනුමැතිය ලබා ගන්නා බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

ඔහු කියා සිටියේ අදාළ යෝජනාවට අද (23) දිනයේ පාර්ලිමේන්තු ගෘහ කාරක සභාවේ අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්‍ෂාවෙන් පසුවන බවය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (23) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි එල්ල කළ චෝදනාවකට ප්‍රතිචාර දක්වමිනි.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ අරමුණු කිසිවක් මේ දක්වා නිසි පරිදි ඉටු වී නොමැති බවටයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා මෙහිදී චෝදනා කළ අතර සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදී පැවසුවේ අමෙරිකානු ජනාධිපතිවරයාට වඩා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සාර්ථක බවයි. 

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

Continue Reading

පුවත්

මුහුදුබඩ දුම්රිය ගමනට බාධා

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

Continue Reading

පුවත්

පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක්

Published

on

By

මේ වසර ඇතුළත පොදු ප්‍රවාහන බස් රථ සේවයේ සුරක්ෂිත ගුණාත්මකභාවයක් ඇති කරලීම සහ මගී ජනතාවට සුවදායක ලෙස සිය ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මේ වනවිටත් ගනිමින් සිටින බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඊයේ (16) දහවල් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා සහ අමාත්‍යංශ නිලධාරීන් සමග කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ පරිශ්‍රය නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුකූල ව ඉදිරියේ දී බස් නැවතුම්පොළ පිහිටි ස්ථාන 50ක් ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් වසරක් ඇතුළත ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව ද බිමල් රත්නායක අමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම ජූලි මස 01 වැනි දින සිට රියදුරු, කොන්දොස්තර මහත්වරුන්ගේ මෙන්ම මගී ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් මාර්ගෝපදේශ කරුණු 85ක් ක්‍රියාත්මක කරන අතර, සෑම බස් රථයක ම ආරක්ෂිත ආසන පටි පැළඳීම, ප්‍රවේශ පත්‍රයක් මිල දී ගැනීම ආදිය ද අනිවාර්ය බවද පැවසීය.

මීට අමතරව ලංගම සේවකයින්ට මෙන් වයස අවුරුදු 55 සම්පූර්ණ වූ විට දී පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට ද, සමාජ ආරක්ෂණ ක්‍රමයකට විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට අවශ්‍ය ක්‍රියාවලියක් සැකසීමේ අරමුණ ඇති බවද ප්‍රවාහන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved