Connect with us

පුවත්

පාර්ලිමේන්තුවේ නව කාර්ය මණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහලේකම් පත් කෙරේ

Published

on

පාර්ලිමේන්තුවේ නව කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් ධුරයට සහකාර මහ ලේකම් ලෙස කටයුතු කළ ටිකිරි කේ. ජයතිලක මහතා ඊයේ (23) දින සිට පත් කළ බව නියෝජ්‍ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතා අද (24)  පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. 

2002 වර්ෂයේ දී නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වීමෙන් සිය වෘත්තීය දිවිය ආරම්භ කළ ටිකිරි කේ. ජයතිලක මහතා රජයේ අධිනීතීඥයෙකු ලෙස මහේස්ත්‍රාත් අධිකරණ සහ මහාධිකරණ රැසක නඩු කටයුතු මෙහෙයවා තිබේ. වර්ෂ 2006 දී අධිකරණ සේවයට සම්බන්ධ වූ ජයතිලක මහතා මහේස්ත්‍රාත්වරයෙකු සහ අතිරේක දිසා විනිසුරුවරයෙකු ලෙස සේවය කරමින් ලංකාවේ විවිධ ප්‍රදේශවල අධිකරණ ගණනාවක සේවය කොට ඇත.       

2015 වර්ෂයේ දී සහකාර මහ ලේකම්වරයෙකු ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සේවයට එක්වන ජයතිලක මහතා ව්‍යවස්ථාදායක සේවා පිළිබඳ සහකාර මහ ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

ටිකිරි කේ. ජයතිලක මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් නීතිවේදී උපාධිය ද, නෝතම්බ්‍රියා විශ්වවිද්‍යාලයෙන් නීතිපති උපාධිය ද හදාරා ඇත. ඒ මහතා ප්‍රජා පාදක විශෝධනය පිළිබඳ ග්‍රන්ථයක්ද පළ කොට තිබේ.

පුවත්

රාජකාරි වේලාවකදී TikTok කරන සෞඛ්‍ය සේවකයින්ට වැඩ වරදින ලකුණු

Published

on

By

රජයේ වෛද්‍යවරුන්, හෙදියන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකාවල නිරතවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

මාධ්‍යවේදියෙකු විසින් කළ විමසීමකට පිළිතුරු ලෙස අමාත්‍යවරයා සඳහන් කළේ, රාජකාරි වේලාවේදී ඨික්ඨොක් වැනි සමාජ මාධ්‍ය භාවිතයට සම්බන්ධ වීඩියෝ කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බවය.

ඒ අනුව, මෙම ආකාරයේ ක්‍රියාකාරකම් රාජකාරි නීති හා විනය රීතිවලට පටහැනිද යන්න පිළිබඳව සොයා බලන බවත්, අවශ්‍ය නම් තවත් පියවර ගනු ඇති බවත් අමාත්‍යවරයා විසින්  පවසන ලදී.

Continue Reading

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved