Connect with us

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි – සජීවි විකාශය

Published

on

පාර්ලිමේන්තු සභාවාරය අද (03) පෙරවරු 09.30ට ඇරඹුණි.

ඒ කථානායක අශෝක රංවල මහතාගේ ප්‍රධානත්වයෙනි.

අද දිනයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබඳ විවාදය සිදු කිරීමට නියමිතය.

තවද 10 වන පාර්ලිමේන්තුවේ තේරිම්කාරක සභාව ස්ථාපිත කිරීමට අද දිනයේ සැලසුම් කර තිබේ.


(පෙර පුවත් 2024 දෙසැම්බර් 03 පෙ . ව 09:02)

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (03) කථානායක අශෝක රංවල මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.

අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබද විවාදය සිදුකිරීමට නියමිතය.

පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පැවසුවේ අදාළ විවාදය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ ඡන්ද විමසීම හෙට පස්වරු 5ට පැවැත්වීමට සැලසුම් කර ඇති බවය.

මෙම සතිය තුළ පාර්ලිමේන්තුව ලබන 6 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර 2025 වසරේ පළමු මාස 4 සදහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනාව දෙසැම්බර් මස 5 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ඊට අදාළ විවාදය දෙසැම්බර් 5 සහ 6 යන දෙදින පැවැත්වීමට නියමිතය.

එමෙන්ම 10 වන පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාව ස්ථාපිත කිරීම ද අද සිදුකිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරයට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කිරීමට විපක්ෂයේ පක්ෂ නායකයින් තීරණය කර තිබේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ පක්ෂ කිහිපයක් අදාළ පත්කිරීම සදහා එකගතාව පළකර ඇති බව සදහන් වේ.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මීට පෙර අවස්ථා දෙකක දී මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබීය.

පුවත්

මාලිමා මන්ත්‍රීන් දෙදෙනෙක් පැහැරගෙන (වීඩියෝ)

Published

on

By

වැලිගම ප්‍රදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.

අද (27) දින වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පත් කර ගැනීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතව තිබූ අතර එයට පැමිණෙමින් සිටි මාලිමාවේ මන්ත්‍රීවරු දෙදෙනකු පැහැරගෙන ගොස් අතුරුදහන් කර තිබීම මෙම උණුසුම් තත්ත්වය මතුකිරීමට හේතු වී තිබේ.

මේ වන විට සභාව පැවැත්වීමට ඉඩ නොදෙන තත්ත්වයක් උද්ගතව ඇති බව සඳහන්ය.

මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනා රැගෙන පැමිණියහොත් පමණක් සභාවේ කටයුතු ආරම්භ කිරීමට යෝජනා වී තිබේ.

Continue Reading

පුවත්

ජපුර බාහිර උපාධි ගැටලුවලට රජයෙන් විසඳුම් ඉල්ලයි

Published

on

By

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ අධ්‍යයන කටයුතු ද තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ.

පසුගිය 24වනදා දින සිට ක්‍රියාත්මක වන පරිදි එම ඒකකය විසින් පවත්වනු ලබන බාහිර උපාධි පාඨමාලා සම්මන්ත්‍රණ සහ ලියාපදිංචි කටයුතු මෙලෙස අත්හිටුවා තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ පවසා සිටියේ, පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේ වෙතත් බාහිර උපාධි හා විස්තාරිත පාඨමාලා ඒකකයේ අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට නම් රජය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මැදිහත් වී ගැටළුවලට විසදුම් ලබාදිය යුතු බව උන් වහන්සේ පවසයි.

ඊයේ (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බාහිර පාඨමාලා අධ්‍යයන අංශයේ මූල්‍ය පාඨමාලා අධ්‍යයන අංශයේ මූල්‍ය අක්‍රමිකතා රැසක් පිලිබදව පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී පසුගියදා අනාවරණය වී තිබුණි.

ඒ එම විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය කෝප් කමිටුව හමුවට පසුගියදා කැඳවු අවස්ථාවේය.

එහිදී වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතා පැවසුවේ, බාහිර පාඨමාලා අධ්‍යයන අංශයේ සිදුව ඇති අක්‍රමිකතා හේතුවෙන් සියලු වැයබර දැරීමට සිදුව ඇත්තේ සිසුන්ට බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

පෝට් සිටි මුහුදේ සරසවි සිසුවෙක් අතුරුදන්  

Published

on

By

කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරය අයත් මුහුදේ පිහිනමින් සිටි සරසවි සිසුන් අතරින් තරුණයෙකු අතුරුදහන් වී තිබේ.

ඒ පිළිබඳව කොළඹ වරාය පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

අතුරුදහන් වූ පුද්ගලයා වයස අවුරුදු 24ක් වන අස්ගිරිය, ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොළඹ විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ (26) උදෑසන කාලයේ විනෝදාංශයක් ලෙස ස්නෝකල් පැළැඳ මුහුදේ පිහිනමින් මුහුදු පතුල නීරීක්ෂණ කරමින් සිටියදී එක් සිසුවෙකු මෙලෙස අතුරුදහන්වී තිබේ.

පසුව ඔහු පැළැඳ සිටි ස්නෝකලය ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

අතුරුදන් වූ පුද්ගලයා සොයා කොළඹ වරාය පොලීසිය, නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන්, රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් ඒකාබද්ධව මෙහෙයුම් දියත් කර ඇති අතර, කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved