පුවත්

පාර්ලිමේන්තුව අද රැස් වෙයි

Published

on

පාර්ලි­මේ­න්තුව අද (18) පෙ.ව 9.30ට රැස් වේ.

පෙර­වරු 9.30 සිට පෙර­වරු 10.30 දක්වා කාලය වාචික පිළි­තුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

පෙර­වරු 10.30 සිට පස්වරු 5.00 දක්වා සංචා­රක කට­යුතු පනත යටතේ අංක 2348/38, 2352/47, 2352/48, 2360/62 සහ 2360/63 දරන අති විශේෂ ගැසට් පත්‍ර­වල පළ කර ඇති නිය­ම­යන් පහක්, හිමි­කම් ලියා­ප­දිංචි කිරීමේ පනත යටතේ අංක 2308/27 දරන අති­වි­ශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග, රජයේ ඉඩම් ආඥා­ප­නත යටතේ නියෝග සහ ක්‍රීඩා­වල යෙදී­මේදී උත්තේ­ජක ද්‍රව්‍ය ගැනී­මට එරෙහි සම්මුති පනත යටතේ අංක 2373/14 දරන අති­වි­ශේෂ ගැසට් පත්‍රයේ පළ­කර ඇති නි‍යෝග විවා­ද­යට ගැනී­මට නිය­මි­තය.

පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල් තබන අව­ස්ථාවේ යෝජ­නාව (ආණ්ඩු පාර්ශ්වය) විවා­ද­යට ගැනී­මට නිය­මි­තව තිබේ.

Trending

Exit mobile version