පුවත්

පාර්ලිමේන්තුව තැඹිලි පැහැ ගැන්වෙයි

Published

on

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව දින 16ක ගෝලීය ක්‍රියාකාරීත්වයට සහාය දැක්වීම පිණිස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාකාරකම් රැසක් පාර්ලිමේන්තුවේදී අද (06) පැවැත්වුණි.

මෙම වැඩසටහනට සහයෝගය දැක්වීම පිණිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සහ කාර්ය මණ්ඩලයේ නිලධාරිණියන් තැඹිලි වර්ණයෙන් සැරසී සිටි අතර, ඒ සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් ද එක්විය.

මෙහි දී තැඹිළි පැහැති පළදනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පැළැඳවීම ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අම්බිකා සැමුවෙල් මන්ත්‍රීවරිය විසින් සිදු කර තිබේ.

Trending

Exit mobile version