පාර්ලිමේන්තුව හෙට(24) රැස්වෙන අතර, විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ දින තුනක සභාව කල්තැබීමේ විවාදය හෙට පැවැත්වීමට පසුගියදා (22) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.
හෙට (24) පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවන වර කියවීම) සහ විෂවර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිතව ඇත.
අනතුරුව පෙ.ව 10.30 සිට පෙ.ව 5.30 දක්වා විරුද්ධ පාර්ශවය විසින් ගෙනෙනු ලබන යෝජනාවකට අනුව පාස්කු ඉරු දින සිදුවූ ප්‍රහාරය සම්බන්ධ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතය.