පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ජාතික භාෂා අධ්‍යන හා පුහුණු ආයතනය මඟින් ඉංග්‍රීසි පාඨමාලාවක් පවත්වා ඇති අතර, එය සාර්ථකව නිමකර සහතික පත්‍ර ලබා ගැනිමට සමත් වී ඇත්තේ මන්ත්‍රීවරුන් පස්දෙනෙකු පමණි.
සුදුසුකම් ලැබු පස්දෙනා අතර ජාතික ලැයිස්තුවෙන් පත් වු මන්ත්‍රීවරයෙකු හා කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරියක් මෙන්ම ගාල්ල, කූරුණෑගල හා මොණරාගල දිස්ත්‍රික් වල මන්ත්‍රීවරු තිදෙනෙකු සිටියි.
ප්‍රථම අදියරයේදි පාඨමාලාව සඳහා මන්ත්‍රීවරු 15ක් පමණ සම්බන්ධ වු අතර ක්‍රමයෙන් එම පිරිස අඩු වී ඇත.
මන්ත්‍රීවරුන්ගේ පහසුව සඳහා පාර්ලීමේන්තු රැස්විම් දිනවලට පමණක් පාඨමාලාවද සිමා වී තිබුණ අතර, එයට මන්ත්‍රීවරුන්ට අමතරව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 42ක් ද එක්වී ඇත.